පසුගිය සති දෙකක කාලය තුලදි බන්ධනාගාරවලින් ඇප ලබා නිදහස්ව ගොස් ඇති රැදවියන් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් වෙත දුරකථන ඇමතුමක් මගින් ඒ ගැන දැනුම් දෙන්නැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
මොවුන්ගේ නිවෙස්වලටම පැමිණ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදා ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි. මෙවැනි පුද්ගලයින් පිළිබද අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට ද දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
පසුගිය දින 14 තුල බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් සිටි රැදවියන් 38 දෙනෙකු ඇප ලබා නිදහස්ව ගොස් ඇති බවද හෙතෙම පවසයි. ඔක්තෝබර් මස 30 වැනිදින සිට මේ දක්වා කාලය තුලදි බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් ඇප ලබා නිදහස්ව ගිය රැදවියන් පිළිබද නාම ලේඛනයක් ලබාදෙන ලෙස බන්ධනාගාර දේපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි අතර එම රැදවියන් හැකි ඉක්මණින් හදුනාගෙන නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නලෙස පොලිසියට දැනුම් දී ඇති බවද හෙතෙම පවසයි.
රැදවියන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කරණ තෙක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව සදහන් කළ වසංගත රෝග විද්‍යාඥවරයා බන්ධනාගාර පොකුර සමාජගත නොවී පාලනය කිරීම සදහා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සමග එක්වී මෙම පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් සදහන් කළේය.
lankadepa
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…