විපක්ෂ මන්ත‍්‍රීන් වන ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් දෙදෙනාට ආණ්ඩු පක්ෂයේ ආසන ලබාදෙන ලෙසට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
20 වැනි සංශෝධනයට අදාළව ඡුන්ද විමසීමේදී මෙම මන්ත‍්‍රීවරුන් දෙදෙනා ඇතුළු තවත් මන්ත‍්‍රීවරු හත්දෙනෙක් ආණ්ඩුවට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කළහ. ඩයනා ගමගේ මන්ත‍්‍රීවරියට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ ආසනයක් ද, අරවින්ද කුමාර් මන්ත‍්‍රීවරයාට විපක්ෂය පැත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිටින පැත්තේ ආසනයක් ද ලබා දීමට කටයුතු යොදා ඇත.
ආණ්ඩුවට පක්ෂව ඡුන්දය ලබා දුන් සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත‍්‍රීවරුන් නව දෙනාට ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී ආසන ලබාදෙන ලෙස විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා ඉල්ලීම් කර තිබුණි. කෙසේ වෙතත් ආණ්ඩුවට සහාය දුන් සෙසු මන්ත‍්‍රීවරුන් හත් දෙනා සම්බන්ධයෙන් සභානායකවරයා වේත‍්‍රධාරිවරයාගෙන් ආණ්ඩු පක්ෂයේ ආසන පැනවීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කර නැත.
දිවයින පුවත්පත
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…