දේශීය

මෙන්න ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගත්තු වැඩ්ඩෝ ටික

2020-10-11 වැනි දින පැවැත්වූ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) නිකුත් කරන ලද අතර, මෙවර ශිෂ්‍යත්ව සමතුන් 20,250ක් ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් ලබා සිටී. විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 250ක් මීට ඇතුළත් ය.

ශිෂ්‍යත්ව විභාගය සඳහා  මෙවර සිසුන් 331,741ක් අයදුම් කර තිබූ අතර, ඉන් සිසුන් 326,264 දෙනෙක් විභාගය සඳහා පෙනී සිටියහ. විභාග මධ්‍යස්ථාන 2936ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496ක් යොදාගනිමින් මෙවර විභාගය පවත්වන ලද අතර, කොවිඩ් දෙවන රැල්ල හමුවේ නිරෝධායන ඇඳිරිනීති මධ්‍යයේ ඇතැම් ප්‍රදේශවල විභාගය පැවැත්වීමට ද සිදුවිය. විභාගය පැවැත්වෙන අවස්ථාව වනවිට නිරෝධායනය වෙමින් සිටි සිසුදරුවන් තිදෙනෙක්, කොවිඩ් ආසාදිත ව සිටි සිසුන් දෙදෙනෙක්  සහ  අපේක්ෂා රෝහලේ සිට සිසුන් තිදෙදෙනෙක්, විභාගය සඳහා පෙනී සිටියහ.

කොවිඩ් පිළිබඳ කාර්ය සාධන බළකාය, සෞඛ්‍ය අංශ, පොලිස් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආරක්ෂක අංශ, සියලු ම ප්‍රවාහන අංශ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඇතුළු බොහෝ ආයතන වෙතින් අධ්‍යාපන අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට මෙවර විභාගය පැවැත්වීමට සහ අදාළ ඇගයීම් කටයුතු පවත්වාගෙන යාමට පූර්ණ සහාය ලැබිණි.

ඒ අනුව, ඇගයීම් මණ්ඩල 390ක් තුළ පරීක්ෂකවරුන් 4680ක් සම්බන්ධකරගනිමින් දින 08ක කාලයක් ඇතුළත මෙම විභාගයේ ඇගයීම් කටයුතු සිදුකරන ලදී. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ 100%ක් ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු සිටී. සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් වෙත විභාග දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කරමින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හරහා හෝ සෘජුවම www.results.exams.gov.lk වෙබ් සබැඳිය වෙත පිවිස ප්‍රතිඵල ලේඛන බාගත කරගැනීමට හා මුද්‍රණය කරගැනීමට ද අවස්ථාව සලසා ඇත.

රට තුළ පැවති වාතාවරණය හමුවේ සියලු අභියෝගවලට නොසැලී මුහුණ දෙමින් විභාගයට පෙනී සිටි සියලු දූපුතුන්ටත්, විභාගය පැවැත්වීමට සහාය වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සියලු පාර්ශවයන්ටත්, ජනතාව දැනුවත් කිරීම් වෙනුවෙන් පූර්ණ සහාය පළ කළ සියලු මාධ්‍ය ආයතනවලටත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය කෘතවේදී ස්තුතිය පළ කරයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ මුලු ලකුණු 200ම ලබාගනිමින් 100% ප්‍රතිඵල වෙත ළඟා වූ සිසුන්ගේ  නාම ලේඛනය පහත සඳහන්ව ඇත.

නම                                                   පාසල

එම්.එෆ් මොහොමඩ් අමර්                    මරදාන සහිරා විද්‍යාලය

ඒ.එච් සිහත් සන්දිනු                            පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

දෙව්ලි යසස්මි තිලකරත්න                   ඉංගිරිය සුමනජෝති කනිෂ්ඨ විද්‍යාලය

එම්.ඩී.එච් සස්මිත ගුණතිලක                කලුතර, බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලය

එස්.ඩී. සියති විතුම්සා                          ගාල්ල, සංඝමිත්තා බාලිකා විද්‍යාලය

ඩබ්ලිව්. ඒ තසිඳු කවිශාන්                    තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය – කදුරුපොකුණ

පී.කේ.දොවිඳු චිරන්ජිත්                       ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලය

එච්.එම් සෙනුදි දම්සරා                        ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලය

එච්.එම් තේනුජ මනුමිත බණ්ඩාර         පොළොන්නරුව සිරිපුර ප්‍රාථමික විද්‍යාලය

යෙහාර යෙත්මිණි ඈපා                       මහනුවර උසස් බාලිකා විද්‍යාලය

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago