කොරෝනා වයිරසය සඳහා වූ එන්නත ශ්‍රී ලංකාවේ ලක්ෂ 40 ක පිරිසකට ලබා දීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් සූදානම් කර තිබෙන බව වාර්තා වනවා.
ඒ සඳහා වියදම රුපියල් බිලියන 10 ක මුදලක් වැයවන බව දැනට ඇස්තමේන්තු ගත කර තිබේ.
කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරන්නේ මෙම එන්නත ලබන වසරේ මැයි මාසයේදී පමණ ලැබීමට නියමිත බවයි.
එන්නතක මිල ඇමරිකානු ඩොලර් 3.20 පමණ වන අතර එක් පුද්ගලයෙකුට මාත්‍රා 2 බැගින් ලබා දීමට නිතයි.
එන්නත මෙරටට ගෙන්වීමට නියමිතව ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කිරීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට යටත්වය.
එන්නත පළමුව ලබාදීමට නියමිතව ඇත්තේ සෞඛ්‍ය සේවකයන් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසකට ප‍්‍රමුඛතාවය ලබා දෙමින්.
මෙම එන්නත ගෙන්වීම සඳහා රජයට අමතරව පෞද්ගලික අංශයටද මැදිහත් වීමට අවසර ලබාදීමට අවධානය යොමු වී ඇත.
ලෝකයේ රටවල් රැසක් කොරෝනා එන්නත් පර්යේෂණ ආරම්භ කර ඇති අතර ඒවා මේවන විට තුන්වන අදියරේ පවතී.
gagana
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…