දේශීය

කොරොනා එන්නත් මැයි සිට ලංකාවේ සැමටම දෙනවා

කොරෝනා වයිරසය සඳහා වූ එන්නත ශ්‍රී ලංකාවේ ලක්ෂ 40 ක පිරිසකට ලබා දීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් සූදානම් කර තිබෙන බව වාර්තා වනවා.

ඒ සඳහා වියදම රුපියල් බිලියන 10 ක මුදලක් වැයවන බව දැනට ඇස්තමේන්තු ගත කර තිබේ.

කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරන්නේ මෙම එන්නත ලබන වසරේ මැයි මාසයේදී පමණ ලැබීමට නියමිත බවයි.

එන්නතක මිල ඇමරිකානු ඩොලර් 3.20 පමණ වන අතර එක් පුද්ගලයෙකුට මාත්‍රා 2 බැගින් ලබා දීමට නිතයි.

එන්නත මෙරටට ගෙන්වීමට නියමිතව ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කිරීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට යටත්වය.

එන්නත පළමුව ලබාදීමට නියමිතව ඇත්තේ සෞඛ්‍ය සේවකයන් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසකට ප‍්‍රමුඛතාවය ලබා දෙමින්.

මෙම එන්නත ගෙන්වීම සඳහා රජයට අමතරව පෞද්ගලික අංශයටද මැදිහත් වීමට අවසර ලබාදීමට අවධානය යොමු වී ඇත.

ලෝකයේ රටවල් රැසක් කොරෝනා එන්නත් පර්යේෂණ ආරම්භ කර ඇති අතර ඒවා මේවන විට තුන්වන අදියරේ පවතී.

gagana

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago