ප්‍රවීන ගේයපද රචකයෙකු හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු වන සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද(14) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 61 වන වියේ පසු විය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සිඩ්නි ජාතික රූපවාහිනියෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර පසුව මහරාජා මාධ්‍ය ජාලයට සම්බන්ධ විය. මෑතක් වනතුරුම එහි ජ්‍යෙෂ්ඨ තනතුරක නිරතවූයේය.
අභාවප්‍රාප්ත සිඩ්නි චන්ද්‍රසේකර මහතා ටෙලි නාට්‍ය රාශියක් නිර්මාණය කළා සේම ටෙලි නාට්‍ය තේමාගීත රචනයේ දක්ෂයෙකු විය. කුමාරයාණෙනී, නිදිකුම්බා මල් ඔහුගේ ටෙලිනාට්‍ය නිර්මාණ කිහිපයකි. ‘ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ’ ඔහුගේ රචනයට රූකාන්ත ගුණතිලක ගැයූ අතිශය ප්‍රකට ගීතයකි.පසුගිය කාලයේ ප්‍රකට වූ “නැගිටිමු ශ්‍රී ලංකා” තේමා ගීතය ද ඔහු විසින් රචිත එකකි. ‘අනන්තයෙන් ආ තරු කුමාරා’ . ‘මේ ආදරයයි’.’ප්‍රේම දඩයම’ වැනි ටෙලි නාටක සඳහාද ඔහු තේමා ගීත රචනා කළේය.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…