දේශීය

බෝගම්බර බන්ධානාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරත වූ රැඳවියන් වෙනත් බන්ධනාගාර දෙකකට මාරුකරේ.

බන්ධනාගාර ආශ්‍රයෙන් පැතිරෙන රැල්ල වැඩිවීම නිසා නිලධාරීන්ට දැනුම්දීමක්.

කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට සති දෙකක කාලයක් සිය නිල නිවාසවල රැඳි සිටින ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව වැලිකඩ, කොළඹ රීමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිදු නිලධාරියෙකුට බන්ධනාගාරයෙන් පිටතට යාමට අවස්ථාව හිමි නොවනු ඇති.

මින් ඉදිරියට වාර්තා වන කොරෝනා ආසාදිත රැඳවියන් කන්දකාඩු හෝ ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර ඊයේ (12) බෝගම්බර පැරණි බන්ධානාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරත වූ රැඳවියන් වෙනත් බන්ධනාගාර දෙකකට මාරුකර යැවීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවා

බූස්ස බන්ධනාගාරයේද රැඳවියන් තිදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස ඊයේ (12) පස්වරුවේ හඳුනා ගැනුණා.

බන්ධනාගාර ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 159 දෙනෙකු මේ වන විට හඳුනාගෙන බව වාර්තා වනවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago