කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට සති දෙකක කාලයක් සිය නිල නිවාසවල රැඳි සිටින ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව වැලිකඩ, කොළඹ රීමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිදු නිලධාරියෙකුට බන්ධනාගාරයෙන් පිටතට යාමට අවස්ථාව හිමි නොවනු ඇති.
මින් ඉදිරියට වාර්තා වන කොරෝනා ආසාදිත රැඳවියන් කන්දකාඩු හෝ ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර ඊයේ (12) බෝගම්බර පැරණි බන්ධානාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරත වූ රැඳවියන් වෙනත් බන්ධනාගාර දෙකකට මාරුකර යැවීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවා
බූස්ස බන්ධනාගාරයේද රැඳවියන් තිදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස ඊයේ (12) පස්වරුවේ හඳුනා ගැනුණා.
බන්ධනාගාර ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 159 දෙනෙකු මේ වන විට හඳුනාගෙන බව වාර්තා වනවා.
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…