Monday, April 20, 2026
Homeදේශීයබෝගම්බර බන්ධානාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරත වූ රැඳවියන් වෙනත් බන්ධනාගාර දෙකකට...

බෝගම්බර බන්ධානාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරත වූ රැඳවියන් වෙනත් බන්ධනාගාර දෙකකට මාරුකරේ.

බන්ධනාගාර ආශ්‍රයෙන් පැතිරෙන රැල්ල වැඩිවීම නිසා නිලධාරීන්ට දැනුම්දීමක්.

කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට සති දෙකක කාලයක් සිය නිල නිවාසවල රැඳි සිටින ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව වැලිකඩ, කොළඹ රීමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිදු නිලධාරියෙකුට බන්ධනාගාරයෙන් පිටතට යාමට අවස්ථාව හිමි නොවනු ඇති.

මින් ඉදිරියට වාර්තා වන කොරෝනා ආසාදිත රැඳවියන් කන්දකාඩු හෝ ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර ඊයේ (12) බෝගම්බර පැරණි බන්ධානාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරත වූ රැඳවියන් වෙනත් බන්ධනාගාර දෙකකට මාරුකර යැවීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවා

බූස්ස බන්ධනාගාරයේද රැඳවියන් තිදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස ඊයේ (12) පස්වරුවේ හඳුනා ගැනුණා.

bandanagaraya

බන්ධනාගාර ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 159 දෙනෙකු මේ වන විට හඳුනාගෙන බව වාර්තා වනවා.

READ:   මහදවල් නවගමුවේ වෙඩි පත්තුවෙයි (වීඩියෝ)
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්