Monday, April 20, 2026
Homeදේශීයජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සහ පංති ව්‍යාපාරයේ ඉදිරි ගමන - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස්...

ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සහ පංති ව්‍යාපාරයේ ඉදිරි ගමන – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

පසුගිය සිවුවසර තුළ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ට්‍රම්ප් අනුගමනය කළ ක්‍රියාකලාපය මූලික වශයෙන් ජාතිකවාදී මෙන්ම අධිකාරිවාදී දේශපාලන මුහුණුවරක් නිරූපණය කරන ලදි.  විශේෂයෙන්ම පසුගිය කාලයේ එක්සත් ජනපදයේ කලු ජාතිකයන්ට මෙන්ම සංක්‍රමණික ජනකොටස් වලට අතිශය පීඩාකාරී මෙන්ම දුෂ්කර ඉරණමකට ට්‍රම්ප් පාලනය යටතේ මුහුණදීමට සිදුවිය. එක්සත් ජනපදයේ කම්කරු කම්කරු පංතියේ බහුතරය කලු ජාතිකයින් හා සංක්‍රමිණිකයන් වේ.

අනෙක් අතට කොරෝනා වසංගතය හමුවේ ට්‍රම්ප් පාලනය ක්‍රියාකළ ආකාරය අතිශයින්ම නොසැලකිලිමත් ක්‍රියාකළාපයක් විය. එම නොසැලිකිලමත් භාවය නිසා ඇමරිකානු සුදු ජාතිකයින් අතරද ට්‍රම්ප් පාලනය කෙරෙහි විසාල විරෝධයක් මතුවිය. මේ වන විට එක්සත් ජනපදයෙහි කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යාම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම ට්‍රම්ප් පාලනය වගකිව යුතුය. එපමණක්ද නොව අන්තර් ජාතික දේශපාලනය තුළ ට්‍රම්ප් පාලනයේ හැසිරීම වඩාත් විවාද සම්පන්න විය. ජනාධිපති ට්‍රම්ප්ගේ අපරණිත දේශපාලන දැනුම ඔහුගේ අන්තර් ජාතික කටයුතු වලදී මනාව පිළිපිඹු විය. මෙම වාතාවරණය තුළ පසුගිය ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ගේ දේශපාලන ආගමනය එක්සත් ජනපදයේ මෙන්ම ලෝක දේශපාලනයේ නව ප්‍රවණතාවයක සළකුණු පෙන්නුම් කරන ලදි.

විශේෂයෙන්ම එක්සත් ජනපදයේ කලු ජාතින්ට හා සංක්‍රමණික ජනකොටස් වලට පුළුල් නිදහසක් තහවුරු වීමේ අපේක්ෂාව “ජෝ බයිඩන්“ විසින් ස්මතුකරන ලදි. උප ජනාධිපතිදූරයට පත්විමට නියමිත කමලා හැරිස් ඉන්දියානු සම්භවයකින් යුත්  කාන්තාවක් වීමේන් මෙය වඩාත් තහවුරු වී තිබේ. එපමණක් ද නොව එවකට උපජනාධීපති අපේක්ෂිකා කමලා හැරිස් කාන්තාවක් වීමද කාන්තා ඡන්ද බයිඩන් කෙරෙහි නැඹුරු වීමට විශේෂයෙන් බලපෑවේය. ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ප්‍රථම උප ජනාධිපතිවරිය ඇයයි.

ජෝ බයිඩන්ගේ නායකත්වය යටතේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියෙහි උපායික වෙනස්කම් සිදුවිමේ අපෙක්ෂාවද ස්මතුවී තිබේ. විශේෂයෙන්ම චීනය සම්බන්ධයෙන් ට්‍රම්ප් අනුගමනය කළ “ආක්‍රමණිකකාරී ප්‍රතිපත්තිය“ වෙනුවට ආර්ථික වශයෙන් චීනයට “අභියෝග කිරිමේ ප්‍රතිපත්තිය“ “බයිඩන්“ ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව එක්සත් ජනපදය තුළ නිෂ්පාදන ආර්ථිකයක් නැවත වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ගය ප්‍රමුඛ වන අතර, එමගින් එක්සත් ජනපදයේ රැකියා විරහිතභාවය ඉහල යාම වළක්වා ගැනීමටද හැකි වනු ඇත. පසුගිය දශක කිහිපයක් තුළ එක්සත් ජනපදයේ විරැකියාව පිළීබඳ ප්‍රහ්ණය වර්ධනය වෙමින් පැවැති අතර බොහෝ පාරිභෝගික භාණ්ඩ එරටහි නිෂ්පාදනය නොකොට චීනයෙන් ආනයනය කරන ලදි. චීනයේ ප්‍රධාන විදේශ විනිමය වෙළඳපොළ වූයේ එක්සත් ජනපදයයි. එහෙයින් නැවත නිෂ්පාදන කර්මාන්ත එක්සත් ජනපදය තුළ ආරම්භ කිරීමෙන් එරටහී රැකියා සුළභවීම සිදුවනු ඇත.

READ:   ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක්

මූලික වශයෙන් ගත් කළ එක්සත් ජනපදයෙහි රිපබ්ලිකන් හෝ ඩිමොක්‍රටික් යන කුමන පක්ෂය බලයට පත් වූවද එරටහි ජාතික ප්‍රතිපත්තිවල මෙන්ම විදේශ ප්‍රතිපත්යෙහි ප්‍රධාන වෙනස් කම් සිදුනොවන අතර සිදුවන්නේ එම ප්‍රතිපත්තිවල උපායික වෙනස්කම් පමණක් බව අවසාන වශයෙන් පෙන්වා දීමට පුළුවන.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්