දේශීය

ශ්‍රී ලංකා ඉන්දියා අවබෝධතා ගිවිසුමක්

ඉන්දියානු ප්‍රදාන යටතේ රුපියල් මිලියන හයසීයකට අධික වියදමකින් මෙරට ක්‍රියාත්මක කරන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. මෙම ගිවිසුම 2005 වසරේදී වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ අත්සන් තැබුණු ගිවිසුමක් වන අතර එය සෑම වසර 5කට වරක් දීර්ඝ කරමින් මෙම ගිවිසුම අත්සන් කරනු ලබයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ සහභාගිත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම විජේරාම පිහිටි අගමැති නිල නිවසේදී පැවැත්විණි.

මෙම ගිවිසුමට අදාළව විශේෂ සංවර්ධන ව්‍යාපෘතිවල පිරිවැය රුපියල් මිලියන 300 ඉක්මවන අතර හදිසි පූර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවය, නිවාස ව්‍යාපෘති, නව යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු ඒ ඔස්සේ ක්‍රියාත්මක වේ.

කුඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 300ක් වැය කරන අතර නැවත පදිංචි කිරීම, නවාතැන්, ජීවනෝපාය, රැකියා, කාන්තා සවිබල ගැන්වීම වෘත්තීය පුහුණුව, අධ්‍යානපනය සහ පර්යේෂණ, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා, කාර්මික සංවර්ධනය, වෛද්‍ය මධ්‍යස්ථාන හා රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය සහ වෛද්‍ය උපකරණ සැපයීම ඒ යටතේ ක්‍රියාත්මකය.

දැනට ක්‍රියාත්මක මෙම ව්‍යාපෘති නව ගිවිසුම ප්‍රකාරව අඛණ්ඩව පවත්වාගෙන යාම සිදුවේ.

Recent Posts

කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටම ඉහළට.-මේ වනතුරු ගංවතුර අවදානමක් නැහැ.

කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…

42 mins ago

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

18 hours ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

2 days ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

4 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

4 days ago