දේශීය

ශ්‍රී ලංකා ඉන්දියා අවබෝධතා ගිවිසුමක්

ඉන්දියානු ප්‍රදාන යටතේ රුපියල් මිලියන හයසීයකට අධික වියදමකින් මෙරට ක්‍රියාත්මක කරන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. මෙම ගිවිසුම 2005 වසරේදී වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ අත්සන් තැබුණු ගිවිසුමක් වන අතර එය සෑම වසර 5කට වරක් දීර්ඝ කරමින් මෙම ගිවිසුම අත්සන් කරනු ලබයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ සහභාගිත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම විජේරාම පිහිටි අගමැති නිල නිවසේදී පැවැත්විණි.

මෙම ගිවිසුමට අදාළව විශේෂ සංවර්ධන ව්‍යාපෘතිවල පිරිවැය රුපියල් මිලියන 300 ඉක්මවන අතර හදිසි පූර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවය, නිවාස ව්‍යාපෘති, නව යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු ඒ ඔස්සේ ක්‍රියාත්මක වේ.

කුඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 300ක් වැය කරන අතර නැවත පදිංචි කිරීම, නවාතැන්, ජීවනෝපාය, රැකියා, කාන්තා සවිබල ගැන්වීම වෘත්තීය පුහුණුව, අධ්‍යානපනය සහ පර්යේෂණ, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා, කාර්මික සංවර්ධනය, වෛද්‍ය මධ්‍යස්ථාන හා රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය සහ වෛද්‍ය උපකරණ සැපයීම ඒ යටතේ ක්‍රියාත්මකය.

දැනට ක්‍රියාත්මක මෙම ව්‍යාපෘති නව ගිවිසුම ප්‍රකාරව අඛණ්ඩව පවත්වාගෙන යාම සිදුවේ.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

4 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago