Thursday, June 11, 2026
Homeදේශීයපාසල් ඉගැන්වීම් රූපවාහිනිය ඔස්සේ

පාසල් ඉගැන්වීම් රූපවාහිනිය ඔස්සේ

3 වසරේ සිට 13 වසර දක්වා තුන්වන පාසල් වාරයට අදාළ ප්‍රධාන විෂය නිර්දේශ රූපවාහිනි නාලිකා ඔස්සේආවරණය කිරීමට සැළසුම් කර ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ‍, විවෘත විශ්වවිද‍්‍යාල හා දුරස්ථ අධ්‍යාපනප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා

අද (12) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය.

මේ වන විට වැඩසටහන් නිෂ්පාදනය වෙමින් පවතින බවත් පැවසු අමාත්‍යවරයා, සඳුදා (16) පෙරවරු 4 සිට විකාශන කටයුතු ආරම්භ වෙන බවත් පැවසීය.

සති 10ක් පුරා අඛණ්ඩව විකාශනය සිදුකෙරෙන අතර, කාලසටහනට අනුව දින හත පුරාම විකාශන කටයුතු සිදුකෙරේ.

මේ සම්බන්ධව දරුවන්ට ඇති ගැටලු සාකච්ඡා කිරීමට අදාළ ගුරුවරුන් සම්බන්ධ කර ගැනීමට 1377 විශේෂ දුරකථන අංකයක් ලබා දී ඇති අතර 0117601702, 071449131 යන දුරකථ අංක ඔස්සේද මේ සම්බන්ධව විමසීම් කළ හැකිය.

මේ අතර ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ පුනරීක්ෂණ පන්ති “දෙරණ නාලිකාව“ඔස්සේ විකාශන කටයුතු සිදුකිරීමට මේ වන විට කටයුතු සුදානම් කර ඇත

READ:   BREAKING: දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව කථානායකට බාර දෙයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්