දිනෙන් දින ඇති වන කොවිඩ් මරණ ගැන අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ
මෙය ඉතාම බැරෑරුම් අවස්ථාවක් බවයි.
දැන් ඉතාම බැරෑරුම් තත්ත්වයක තියෙන්නේ – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය
කොවිඩ් දෙවැනි රැල්ලේ මේවන විට මරණ 22ක් සිදුව ඇති බවත් එයින් 11ක්ම සිදුව ඇත්තේ රෝහල වෙත ගෙන එමට පෙර බව වෛද්‍ය හරිත අලුත්ගේ
සදහන් කරනවා. එ පිළිබදව දැඩි අවධානයක් යොමු කළ යුතු බව අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවා.


