Sunday, April 19, 2026
Homeදේශීයයහපාලන ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් රාජ්‍ය බැංකුවලින් කෝටි ගණන් ණය අරන් ගෙවීම් පැහැර...

යහපාලන ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් රාජ්‍ය බැංකුවලින් කෝටි ගණන් ණය අරන් ගෙවීම් පැහැර හැරලා

යහපාලන ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් අවිධිමත් ලෙස රාජ්‍ය බැංකුවලින් රුපියල් කෝටි ගණනින් ණයට ගත් මුදල් ගෙවීම සැලසුම් සහගතව පැහැර හැර ඇතැයි රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදු කර ඇති අක්‍රමිකතා සෙයා බැලීමට පත් කරන ලද සිව් පුද්ගල කමිටුවේ මූලික විමර්ශනවලදී හෙළිව තිබේ.  රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ මූල්‍ය ආයතනවල 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා, ඒකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගණදෙනු විධිමත්ව අධ්‍යනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සිව් පුද්ගල කමිටුව පත් කළේය.

යහපාලන සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මඟින් සිදුකර ඇති විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 200 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව එම කමිටුවේ ප්‍රකාශකයකු පැවසීය.

ඇතැම් පුද්ගලයන් රජයට අයත් සියලුම බැංකුවලට ගොස් ණය අයදුම් කර ඇති අතර ඒවා ඉතා කඩිනමින් නියමිත ක්‍රමවේදයෙන් තොරව අනුමත කරවා ගැනීම, නිසි පරිදි දේපොළ ඇපයට නොතබා ණය ගැනීම ආදී පැමිණිලි රැසක් ද ඒ අතර වන බව එම ප්‍රකාශකයා පැවසීය.

මීට අමතරව රාජ්‍ය බැංකුවලට අයත් ඇතැම් දේපොල අත්තනෝමතික ලෙස විකුණා දැමීම පිළිබඳ පැමිණිලි ද ලැබී ඇති අතර අදාළ පැමැණිලි බාර ගැනීම සඳහා ලබාදී තිබූ කාලය තුළ අදාළ බැංකු මඟින් ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති මඟින් සහ මහජනතාව විසින් පැමිණිලි 200 කට අධික ප්‍රමාණයක් කමිටුව වෙත බාර දී තිබේ.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් වන මූලික විමර්ශන මේ වනවිට ආරම්භ වී තිබෙන අතර විමර්ශනය කිරීමෙන් අනතුරුව චෝදනා එල්ල වී ඇති පාර්ශව කැඳවා තොරතුරු සටහන් කර ගැනීම සිදුකෙරේ.

READ:   හෙට දුම්රිය වැඩ වර්ජනයක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්