කොවිඩ්- 19 ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වතුපිටිවල සහ යක්කල යන ප්‍රදේශවල අලුතින් ආරම්භ කරන ලද ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකට ආසාධිතයන් ඇතුළත් කර ගැනීම අද (01)සිට ආරම්භ කළ බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි.
වතුපිටිවල ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල ආසාධිතයන් 140 කටත් ,යක්කල ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල ආසාධිතයන් 110 දෙනෙකු සදහාත් ඇදන් සුදානම් කර ඇතැයි හෙතෙම වැඩ්දුරටත් පැවසීය.
පී.සී.ආර්.පරික්ෂණය සදහා යොමු කර කොවිඩ්- 19 ආසාධිතයන් බවට හදුනා ගත් එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාධිතයන් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල රදවා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව පැවසු වෛද්‍ය මිගාර ඈපා මහතා යොවුන් සේනාංක මධ්‍යස්ථාන තුළ අලුතින් ආරම්භ කරන ලද වතුපිටිවල ප්‍රතිකාර මධ්‍යස්ථානය වතුපිටිවල රෝහල මගින් ද යක්කල ප්‍රතිකාර මධ්‍යස්ථානය ගම්පහ රෝහලමගින් ද පාලනය වන බව පැවසීය.
lankadepa
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…