Saturday, April 18, 2026
Homeදේශීයවතුපිටිවල - යක්කල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

වතුපිටිවල – යක්කල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

කොවිඩ්- 19 ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වතුපිටිවල සහ යක්කල යන ප්‍රදේශවල අලුතින් ආරම්භ කරන ලද ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකට ආසාධිතයන් ඇතුළත් කර ගැනීම අද (01)සිට ආරම්භ කළ බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි.

වතුපිටිවල ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල ආසාධිතයන් 140 කටත් ,යක්කල ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල ආසාධිතයන් 110 දෙනෙකු සදහාත් ඇදන් සුදානම් කර ඇතැයි හෙතෙම වැඩ්දුරටත් පැවසීය.

පී.සී.ආර්.පරික්ෂණය සදහා යොමු කර කොවිඩ්- 19 ආසාධිතයන් බවට හදුනා ගත් එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාධිතයන් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල රදවා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව පැවසු වෛද්‍ය මිගාර ඈපා මහතා යොවුන් සේනාංක මධ්‍යස්ථාන තුළ අලුතින් ආරම්භ කරන ලද වතුපිටිවල  ප්‍රතිකාර මධ්‍යස්ථානය වතුපිටිවල රෝහල මගින් ද යක්කල ප්‍රතිකාර මධ්‍යස්ථානය ගම්පහ රෝහලමගින් ද පාලනය වන බව පැවසීය.

lankadepa

READ:   තරුණ නීතිඥ හා ජනමාධ්‍යවේදීන්ගේ සංගම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අනීතික අත්අඩංගුවට ගැනීම් ගැන ලියයි..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්