දේශීය

දිස්ත්‍රික්ක අතර සංචරණයට දැඩි සීමා

කොවිඞ් 19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස දිස්ත්‍රික් අතර සංචරණය දැඩි ලෙස සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව භාණ්ඩ බෙදා හැරීම, අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු කටයුතුවලදී දිස්ත්‍රික්ක අතර සංචරණය සීමා කෙරේ.
මේ කාලසීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොලීසියට උපදෙස් දුන්නේය.

කොවිඞ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (1)  පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම තීරණ ගනු ලැබීය.

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඞ් ව්‍යාප්තිය මර්දනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී තවත් තීරණ ගණනාවක් ගෙන ඇත.

පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම වෙනුවට තම නිවෙස් තුළම නිරෝධායනයට ගත් පියවර සාර්ථක එකක් බැවින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලීසීය සහ යුද හමුදාව යන අංශවල අධීක්ෂණය ඇතිව එය තවදුරටත් විධිමත් කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ 10 වන දිනයේ දී කළ යුතු බවත්, ප්‍රතිඵල අනුව ආසාදනයට ලක් නොවූවන් දින 14කට නිරෝධායනයෙන් පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

කොවිඞ් 19 පිළිබඳව කිසිඳු අත්දැකීමක් නොතිබූ පෙර අවස්ථාවේ ඉතා හොඳින් ජනතාව ආරක්ෂා කර ගැනීමට රජයට හැකි වූ බැවින් එහිදී ගත් උපක්‍රම සහ ක්‍රමවේද මගින් වත්මන් තත්ත්වය පාලනයට පියවර ගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

අඛණ්ඩව සහ නිරන්තරයෙන් අහඹු පරීක්ෂණ කිරීමේ වැදගත් බවත්, ඒවායේ ප්‍රතිඵල කෙටි වේලාවකදී ලබාදීමට හැකි උපරිම උත්සාහය ගත යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය.

පෞද්ගලික රෝහලකින් හෝ රජය මගින් මෙම පරීක්ෂණය කෙරුණද අදාළ පුද්ගලයා ප්‍රතිඵල එන තෙක් නිරෝධායනයට යොමු කිරීම අනිවාර්ය බවත් පෞද්ගලික රෝහල්වල සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අධීක්ෂණයට ලක්විය යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඇඳිරි නීතිය පැනවීමේ අපේක්‍ෂාව රෝග ව්‍යාප්තිය මර්දනය බැවින් එය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් දුන්නේය. රෝග ව්‍යාප්තිය පාලනයෙන් පසුත් ආසාදිතයන් හමුවුවහොත් ඊට හේතු වෙනම විමර්ශණය කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය.

Recent Posts

කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටම ඉහළට.-මේ වනතුරු ගංවතුර අවදානමක් නැහැ.

කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…

3 hours ago

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

20 hours ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

2 days ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

4 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

4 days ago