දේශීය

?? ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි ක්‍රීඩකයෙක් බිහිකළ වටිනා කාසි 13…

වයස අවුරුදු 11ක කුඩා දරුවෙක් කඩදාසි කොල බෝලයක් හදාගෙන කොස්සෙන් පහර දෙමින් ගෙදර වැඩකරන ආයාම්මා එක්ක ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මේ කුඩා දරුවගෙ ක්‍රිකට් වලට තියෙන ආසාව නිසාම ඔහුගෙ වැඩිමහලු සොහොයුරා ඔහුව ක්‍රිකට් ඉගෙන ගන්න රාමකාන්ත් අච්‍රේකාර් (Ramakant Achrekar) ගුරුවරයා වෙත බාර දෙනවා. ටික දවසක් යන විට ගුරුවරයා තේරුම් ගන්නවා මේ කුඩා දරුවට පිතිකරණ හැකියාවක් නැහැ කියල. ඔහු මෙම කුඩා දරුවව පන්දු යැවීම ඉගෙන ගන්න සුප්‍රකට වේගපන්දු පුහුණු කරුවෙකු වන ඩෙනිස් ලිලී වෙත යොමු කරනවා.

මේ කුඩා දරුවගෙ පන්දු යැවීම දෙස බලාගෙන හිටපු ඩෙනිස් ලිලී තේරුම් ගන්නවා වේග පන්දු යවන්නකුට අවශ්‍ය ශරීර ශක්තිය මේ කුඩා දරුවට නැති බව. ඔහු කුඩා දරුවගෙ හිත නොරිදෙන්න, කුඩා තුන්ඩු කෑල්ලක,

“මම හිතනවා ඔහු පන්දු යැවීමට වඩා පිතිකරණයට සුදුසුයි කියල”, ලියල නැවත වරක් දරුවව ඔහුගේ කලින් පුහුණුකරු වෙත යවනවා.පුහුණුකරු මෙම තුන්ඩු කැබැල්ල කියවල බලල ඔහු හිතනවා, “

සුප්‍රසිද්ද පුහුණු කරුවෙක් වන ඩෙනිස් ලිලී කියනවානම්, මේ දරුවා පිතිකරණයට හොඳයි කියල, මට ඒක නොතේරුන එක මගේ අඩුපාඩුවක්”. ඔහු නැවත වතාවක් මේ කුඩා දරුවට පිතිකරණය කියල දෙන්න පටන් ගන්නවා.එහෙත් දිගින් දිගටම ඔහු පුහුණුවීම් වලදි කඩුල්ල රැකගන්න අසමත් වෙනවා. පුහුණුකරු අලුත් ක්‍රමයක් කල්පනා කරනවා මේ දරුවට කඩුල්ල රැකගෙන පන්දුවට පහර දෙනහැටි උගන්වන්න. ඔහු කඩුල්ලෙ බේල්ස් ඉවත් කරල ඒ වෙනුවට රුපියලේ කසියක් තියනවා. මේ කුඩා දරුවට කතා කරල කියනවා

“ඔයා අද අවුට් වෙන්නේ නැතුව විකට් එකේ හිටියොත්, මේ කසිය ඔයාට දෙනවා. ඔයා අවුට් උනොත් මේ කාසිය පන්දු යවපු කෙනාට දෙනවා”

කියල. මේ දරුවා උනන්දුවෙන් පන්දුවට පහර දෙන්න පටන් ගන්නවා. ඒත් සුලු වේලාවකින් ඔහු අවුට් වෙනවා. ඔහුට කාසිය ලැබෙන්නෙ නැහැ.ඔහු පුහුණුකරුව ළඟට ගිහිල්ල අහන්වා

“හෙටත් කස්සියක් තියන්වාද?” කියල. පුහුණුකරුට තේරෙනවා දැන් මේ දරුවාට කඩුල්ල රැකගෙන ඉන්න ඕනකම ඇතිවෙලා කියල.ඔහු දරුවට කියනවා “දැන් පුතා ගෙදර යන්න. ගෙදර ගිහිල්ල සතුටින් ඉන්න. ආයෙ හෙට එන්න. මං හෙටත් කාසියක් තියන්නම්”

කියල. මේ විදිහට දවසම කඩුල්ල රැකගෙන මේ කුඩා ක්‍රීඩකයා කාසි 13ක් පුහුණුකරුගෙන් ලබා ගන්නවා.මේ වයස අවුරුදු 11 දරුවා වෙන කවුරුත් නෙවෙයි, පසු කලක ලෝක පූජිත ක්‍රීඩකයකු බවට පත්වුන, ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්. ඉන්දීය ජනතාව අද ඔහුව දේවත්වයෙන් සලකනවා.

ඔහුට ගෝඩ් ඔෆ් ක්‍රිකට් කියන අන්වර්ත නාමයක් පවා පටබැන්දල තියෙනවා. එසේම ඔහුගේ පුහුණුකරු රාමකාන්ත් අච්‍රේකාර් (Ramakant Achrekar), ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ ද්‍රෝණ ආචාර්යවරයා ලෙස සලකණු ලබනවා. අදටත් සචින් ඔහුගේ පළමු ගුරුවරයාගෙන් ලැබුණු කාසි 13 පරිස්සම් සහගතව ළඟ තියන් ඉන්නවා වගේම, ඔලිම්පික් පදක්කමකට වඩා ඔහුට මේ කාසියක් වටින බව ඔහු පවසනවා.

– Dinesh Abeywickrama

#SachinTendulkar#RamakantAchrekar#DineshAbeywickrama

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

4 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

5 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

7 days ago