ඔහු නමින් ඉරාජ් වීරරත්නය. ගායකයෙකි. අධ්‍යාපන සුදුසුකම් නොදනිමි. මෑතකදී ජාතික තරුන සේවා සභාවේ අධ්‍යක්ෂක ධූරයකින් පිදුම් ලැබුවේය.ඔහු හේමසිරි ලියනගේනම් දුර්ලභ රංගධරයානන්ගේ පුතනුවන්ය. නමින් සෞම්‍ය ලියනගේවන ඔහු කැලනිය විශ්වවිද්‍යාලයේ උපාධිදරයෙකි. ඔහු පසුව විශාරද උපාධිය ඔස්ට්‍රේලියාවේ ෆලින්ඩර්ස් විශ්වවිද්‍යාලයෙනුත්, ආචාර්‍ය් උපාධිය මෙල්බර්න්හි ලා ට්‍රෝබ් විශ්විද්‍යාලයෙනුත් ලබාගනී. තම පියා මෙන් ඔහුද අති දක්ෂ රංගදරයෙකි.දින කිහිපයකට පෙර ඔහුව මහාවාර්‍ය් සහ පීඨාධිපති තනතුරු වලින් පන්නා දැමූයේ ඔහුගේ ආවාර්‍ය් උපාධිය ලාබාගෙන ඇත්තේ විශ්වවිද්‍යාලය ඒ වෙනුවෙන් ලබාදෙන කාලසීමාව ඉක්මවා බව සඳහන් කරමිනි. ඒ බව සොයා ගැනීමට විශ්වවිද්‍යාලයට අවුරුදු 5ක් ගතවී ඇත.
ඒ බව සොයාගෙන ඇත්තේත් බංදුල ගුනවර්ධන මහතා අධ්‍යාපන ඇමති ලෙස පත්වූ විගස ආචාර්‍ය් උපාලි සේදර මහතා ජාතික අධ්‍යාපන සභාවෙන් ඉවත්කොට අභිනවයෙන් පත්කල මහාචාර්‍ය් අබෙරත්න බංඩාර විසිනි. එතරම් නීතිය අකුරට ක්‍රියාත්මක වන සීලාචාර රටක අප ජීවත් වෙමු. (මේ ‘උගතුන්ගෙන්’ ගහන රටේ පසුගිය දිනක මරණ දඬුවම ලද්දෙකු උත්තරීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දවුරුම් දුන් අතර කතානායක ඒ සම්බන්දයෙන් පැවසුයේ මරනීය දණ්ඬනයට නියමවූ බව පුවත්පත් වාර්තාවක් බවයි.)මින් ගම්‍ය වන්නේ කුමක්ද? පාලක දේශපාලකයන් සමග සබඳතා නොමැතිනම් කෙතරම් අධ්‍යාපනයක් ලැබුවත්, කෙතරම් කුසලතා තිබුනත් අප දරුවන්ට හිමිවීමට ඇති හෙට දවසයි.
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…