දේශීය

මාධ්‍යවේදියෙකුටත් කොරෝනා?

නව කොරෝනා වෛරසය ආසාසනය වී ඇති බවට වාර්තා වන මාධ්‍යවේදියෙකු පසුගිය ඔක්තෝම්බර් 13 වනදා පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවට සැක කෙරෙන බවත් ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරන බව සෞඛ්‍ය අංශ විසින් සනාථ කර ඇත. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර සිටියි.  

මේ හේතුවෙන් එම මාධ්‍ය හමුවට එක්වූ සියලුම මාධ්‍යවේදීන්ගේ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේවන විට සෞඛ්‍ය අංශ වෙත ලබාදී තිබේ. කොරෝනා වෛරසය ආසාදනය වූ මාධ්‍යවේදියාගේ ඉදිරි සෞඛ්‍ය පරීක්ෂණයන්හි ප්‍රථිපල ලැබෙන තෙක් එම මාධ්‍ය හමුවට සහභාගිවූ සියලු මාධ්‍යවේදීන්ට බාහිර සමාජයට විවෘත නොවී ආරක්ෂිතව නිවෙස් වලට වී රැඳී සිටින ලෙස දැනුම් දී ඇත.

දිනමිණ

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago