Wednesday, April 29, 2026
Homeදේශීයකොරෝනා රැල්ලට' පාදක වූ 'ඇඟලුම් කර්මාන්ත ශාලාව' වූ 'බ්‍රැන්ඩික්ස්'(Brandix) ආයතනය පිළිබඳව තොරතුරු...

කොරෝනා රැල්ලට’ පාදක වූ ‘ඇඟලුම් කර්මාන්ත ශාලාව’ වූ ‘බ්‍රැන්ඩික්ස්'(Brandix) ආයතනය පිළිබඳව තොරතුරු ස්වල්පයකි මේ.

මේ දිනවල කවුරුත් කථාකරන කොරෝනා රැල්ලට පාදකවූ ඇඟලුම් කර්මාන්ත ශාලාව වූ ‘බ්‍රැන්ඩික්ස්’ ආයතනය ගැන තොරතුරු සොයා යන්නට අපි වෑයමක නිරත වූයෙමු.
බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් යනු ශ්‍රී ලංකාවේ මූලස්ථානය පිහිටි ඇඟලුම් නිෂ්පාදන ආයතනයකි. ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගම් කිහිපය අතරින්ද එය එකකි.
මෙම සමාගමේ ප්‍රධාන අතුරු ශාඛා ඉන්දියාවේ හා බංග්ලාදේශයේ පිහිටා තිබේ. එක්සත් ජනපදය. හයිටි,සිංගප්පූරුව,කැම්බෝඩියාව,ඕස්ට්‍රේලියාව හා එක්සත් රාජධානියේද ශාඛා ඇත.
බ්‍රැන්ඩික්ස් නාමය යටතේ මේ සියලු රටවල


පිහිටි කර්මාන්ත ශාලා හා ආයතන 38 කි. මේවායෙහි සේවය කරන සේවක සංඛාව 60,000 කට අධිකය. වික්ටෝරියාස් සීක්‍රට්, ගැප්, නෙක්ස්ට් සහ මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර් වැනි සුවිශේෂී සමාගම් වෙනුවෙන් නිෂ්පාදන සැකසීම මෙම කර්මාන්ත ශාලාවලදී සිදු කෙරේ. රෙදිපිළි, නූල්, බොත්තම් සහ හැඟර්ස් වැනි දේ ඉහළ තත්වයෙන් නිපදවීමට මොවුන් කටයුතු කරයි.

බ්‍රැන්ඩික්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් අපනයනකරුවා වන අතර සමාගමේ වාර්ෂික පිරිවැටුම ඩොලර් මිලියන 600 ඉක්මවයි.


දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රධාන දායකයා ලෙස බ්‍රැන්ඩික්ස් ශ්‍රී ලංකා ආර්ථිකයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව වාර්තා ගතය. ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ තනි විශාලතම සේවා යෝජකයා වන අතර ඉහළම විදේශ විනිමය උපයන සමාගමද වේ.ගතවූ කාලය තුළ බ්‍රැන්ඩික්ස් සමාගම විවිධ සම්මානයන්ද ලබා ඇත.

••2007 අංක 7දරණ ‘සමාගම් පනත’ යටතේ ‘බ්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම’ යටතේ වර්ෂ 2002දී මෙම ව්‍යාපාරය #පුද්ගලික ‘සීමිත සමාගමක්’ ලෙස සංස්ථාගත කරන ලදී..වර්ෂ 2008දී සමාගම විසින් මුලින්ම, #සීදුවේ ශාඛාවක් විවෘත කළ අතර, පසුව මිරිගම, මඩකලපුව සහ පන්නල ශාඛා පිහිටුවන ලදී. වත්මන් බ්‍රැන්ඩික්ස් ‘ප්‍රධාන විධායක’ ලෙස ‘අශ්රොෆ් ඕමාර්’ කටයුතු කරයි.. සභාපති වන්නේ, ‘ප්‍රියාන් ප්‍රනාන්දු’ය..••ඉන්දියාවේ, ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘වරාය නගරයක්’ වන #විශාකාපට්ටම් හි පිහිටා ඇති අක්කර 1,000ක ‘ලෝක මට්ටමේ'[බ්‍රැන්ඩික්ස් ඉන්දියා ඇඟලුම් නගරය]-(BIAC), ඇඟලුම් නිපදවීමට සැකසූ විශාල ව්‍යාපෘතියකි..එම ‘කර්මාන්ත නගරය’, #පරිසරය තුළින් ලබාගන්නා #ශක්තිය යොදාගෙන ඇඟලුම් නිපදවීම නිසා නම් දරා ඇත..••බ්‍රැන්ඩික්ස් ‘මව් ශාඛාව’ [ශ්‍රී ලංකාවේ] පිහිටා ඇති අතර, ඉන්දියාව ඇතුළු අනෙක් අතුරු ශාඛා සමඟ #නිරන්තර ගනුදෙනු පවත්වයි..නිලධාරී මට්ටමේ හමුවීම් ද නිතර සිදුවේ..••කොරෝනා #ආසාදනය පැතිරයාම නිසා, ‘බ්‍රැන්ඩික්ස් ආයතනය’ පිළිබඳව ඇතිවූ ‘කථා-බහට’ මේ දිනවල වැඩි වශයෙන් කොරෝනා පීඩාවට පත් #ඉන්දියාවේ#සම්බන්ධයක් මතුවූයේ ද ඒ නිසා ය..,________//________ගොසිප්-ලංකා…(උපුටා ගැනීමකි)…

READ:   ඉවසල බැරිම තැන මහවැව හදන්න පෙරමුණ ගත්ත ගමේ තරුණයෝ ටික
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්