දේශීය

රටක් හිනැස්සූ ටෙනිසන් දිවිගමනට සමුදෙයි..

පසුගිය සතියේ හදිසි අසනීප තත්වයක් මත රෝහල් ගතකර සිටි ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර අභාවප්‍රාප්ත වුනා.

මිය යන විට 68 වන වියේ පසු වූ ඔහු සිංහල සිනමාවට පිවිසියේ 1987 වසරේ නොම්මර එකයි චිත්‍රපටයේ රඟපාමින්.

ඒ වනවිටත් ඔහු හාස්‍ය සිනමා පිටපත් රචකයෙකු ලෙස ප්‍රකටව සිටි අයෙක්.

ප්‍රහසන රංග ශිල්පියෙකු ලෙස නොමැකෙන සටහන් තැබූ ටෙනිසන් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ රැ දනියෙල් දවල් මිගෙල් , සෝමි බෝයිස් සහ වැඩ බාරි ටාසන් වැනි චිත්‍රපටවල චරිත හරහාය.

රංගනයට අමතරව ඔහු අධ්‍යක්ෂකවරයකු . තිර රචකයෙකු, ගායකයෙකු, ගී පද රචකයෙකු ලෙස ද කටයුතු කලා.

1952 අප්‍රේල් 30 වනදා මොරටුවේදී උපතලද ටෙනිසන් මොරටුව මෙතෝදිස්ත උසස් පාසලෙන් ප අධ්‍යාපනය ලබුවා.

මොරටුමුල්ල පල්ලියේ වේදිකා නාට්‍යකරුවෙකු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කල ටෙනිසන් එන්සී.සී ගුවන් විදුලිය සඳහා ක්‍රිස්තියානි නාට්‍ය නිෂ්පාදනය කර තිබෙනවා.

ඔහු විසින් නිෂ්පාදනය කරන ලද පළමු කිතුනු මිලිමීටර් 16 සිංහල චිත්‍රපටය අකිකරු පුත්‍රයා නම් විය.

අධ්‍යක්ෂවරයකු ලෙස ඔහුගේ පළමු චිත්‍රපටය වූයේ 2011 නොවැම්බර් 25 වනදා තිරගතු වූ තැන්ක්යූ බර්ටි ය.

මියගිය ටෙනිසන් කුරේ එක් දියණියකගේ පියෙකි. ටෙනිසන් 1986 සිට මේ දක්වා චිත්‍රපට 64 කට සම්බන්ධ වුනා.

මුළු රටම සිනා ගැස්සූ ටෙනිසන් අද නිහඩයි නමුත් ඔහුගේ සිනහව අප හදවත් තුල අමරණීයයි.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

6 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

6 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago