දේශීය

රටක් හිනැස්සූ ටෙනිසන් දිවිගමනට සමුදෙයි..

පසුගිය සතියේ හදිසි අසනීප තත්වයක් මත රෝහල් ගතකර සිටි ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර අභාවප්‍රාප්ත වුනා.

මිය යන විට 68 වන වියේ පසු වූ ඔහු සිංහල සිනමාවට පිවිසියේ 1987 වසරේ නොම්මර එකයි චිත්‍රපටයේ රඟපාමින්.

ඒ වනවිටත් ඔහු හාස්‍ය සිනමා පිටපත් රචකයෙකු ලෙස ප්‍රකටව සිටි අයෙක්.

ප්‍රහසන රංග ශිල්පියෙකු ලෙස නොමැකෙන සටහන් තැබූ ටෙනිසන් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ රැ දනියෙල් දවල් මිගෙල් , සෝමි බෝයිස් සහ වැඩ බාරි ටාසන් වැනි චිත්‍රපටවල චරිත හරහාය.

රංගනයට අමතරව ඔහු අධ්‍යක්ෂකවරයකු . තිර රචකයෙකු, ගායකයෙකු, ගී පද රචකයෙකු ලෙස ද කටයුතු කලා.

1952 අප්‍රේල් 30 වනදා මොරටුවේදී උපතලද ටෙනිසන් මොරටුව මෙතෝදිස්ත උසස් පාසලෙන් ප අධ්‍යාපනය ලබුවා.

මොරටුමුල්ල පල්ලියේ වේදිකා නාට්‍යකරුවෙකු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කල ටෙනිසන් එන්සී.සී ගුවන් විදුලිය සඳහා ක්‍රිස්තියානි නාට්‍ය නිෂ්පාදනය කර තිබෙනවා.

ඔහු විසින් නිෂ්පාදනය කරන ලද පළමු කිතුනු මිලිමීටර් 16 සිංහල චිත්‍රපටය අකිකරු පුත්‍රයා නම් විය.

අධ්‍යක්ෂවරයකු ලෙස ඔහුගේ පළමු චිත්‍රපටය වූයේ 2011 නොවැම්බර් 25 වනදා තිරගතු වූ තැන්ක්යූ බර්ටි ය.

මියගිය ටෙනිසන් කුරේ එක් දියණියකගේ පියෙකි. ටෙනිසන් 1986 සිට මේ දක්වා චිත්‍රපට 64 කට සම්බන්ධ වුනා.

මුළු රටම සිනා ගැස්සූ ටෙනිසන් අද නිහඩයි නමුත් ඔහුගේ සිනහව අප හදවත් තුල අමරණීයයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

9 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago