2024 වසරෙන් පසු ඔස්කාර් සම්මානය සඳහා සුදුසුකම් කොන්දේසි

2024 වසරෙන් පසු හොඳම චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානය සඳහා සුදුසුකම් ලැබීමට සැපිරිය යුතු නව අවශ්‍යතා කිහිපයක් හඳුන්වා දීමට ඇකඩමිය තීරණය කර තිබෙනවා. මෙය අදාල වන්නේ හොඳම චිත්‍රපටයට සුදුසුකම් ලැබීමට පමණය. මෙහිදී A,B,C,D යන වර්ගීකරණයන්ගෙන් දෙකක් සපුරා තිබීම අතවශ්‍යයය. මෙම වර්ගීකරණයන් කෙසේදැයි බලමු .

# A වර්ගීකරණය සැපිරීමට පහත කරුණු වලින් එකක් හෝ සපුරා තිබිය යුතුය.

1. ප්‍රධාන හෝ සහය ප්‍රධාන නලු නිලියන් අතර ආසියාතික, කලු ඇමරිකානු, ලතින් ඇමරිකානු, රතු ඉන්දියානු වැනි අවශේෂ ජාතිකයන් සිටිය යුතුය.

2. සම්පූර්ණ නලු නිලි ලැයිස්තුවෙන් 30%ක් , කාන්තාවන්, සමලිංගික/සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් හෝ ආබාධිත පුද්ගලයන් යන කාණ්ඩ තුනෙන් දෙකකවත් අය විය යුතුය.

3. චිත්‍රපටයේ කතා තේමාව කාන්තාවන්, සමලිංගික/සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් හෝ ආබාධිත පුද්ගලයන් යන කාණ්ඩ වලින් එකක් පිළිබඳ විය යුතුය.

# B වර්ගීකරණය සැපිරීමට පහත කරුණු වලින් එකක් හෝ සපුරා තිබිය යුතුය.

1. පහත තනතුරු අයත් අංශ ප්‍රධානින් අවම වශයෙන් දෙදෙනෙක් කාන්තාවන්, සමලිංගික/සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් හෝ ආබාධිත පුද්ගලයන් යන කාණ්ඩ වලට අයත් විය යුතුය. එමෙන්ම අවම වශයෙන් එක් අයෙක් ආසියාතික, කලු ඇමරිකානු, ලතින් ඇමරිකානු, රතු ඉන්දියානු වැනි අවශේෂ ජාතිකයෙක් විය යුතුය.

Casting Director, Cinematographer, Composer, Costume Designer, Director, Editor, Hairstylist, Makeup Artist, Producer, Production Designer, Set Decorator, Sound, VFX Supervisor, Writer

2. First AD, Gaffer, Script Supervisor වැනි තාක්ෂණික ශිල්පීන් ගෙන් අවම වශයෙන් හය දෙනෙක් ආසියාතික, කලු ඇමරිකානු, ලතින් ඇමරිකානු, රතු ඉන්දියානු වැනි අවශේෂ ජාතිකයන් විය යුතුය.

3. චිත්‍රපටයට දායක වන සම්පූර්ණ ශිල්පීන් සංඛ්‍යාවෙන් 30% ක් කාන්තාවන්, සමලිංගික/සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් හෝ ආබාධිත පුද්ගලයන් යන කාණ්ඩ වලට අයත් විය යුතුය.

# C වර්ගීකරණය සැපිරීමට පහත කරුණු දෙකම සපුරා තිබිය යුතුය.

1. චිත්‍රපටය බෙදාහරින සමාගම හෝ මුදල් යොදවන සමාගම කාන්තාවන්, සමලිංගික/සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් හෝ ආබාධිත පුද්ගලයන් යන කාණ්ඩ වලට අයත් ආධුනික පුහුණු ශිල්පීන් බඳවා ගත යුතුය.

2. චිත්‍රපටය බෙදාහරින සමාගම හෝ මුදල් යොදවන සමාගම කාන්තාවන්, සමලිංගික/සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් හෝ ආබාධිත පුද්ගලයන් යන කාණ්ඩ වලට අයත් සේවකයන් හෝ පුහුණුවන නිළධාරීන් බඳවාගෙන තිබිය යුතුය.

# D වර්ගීකරණය සැපිරීමට පහත කරුණ සපුරා තිබිය යුතුය.

1. චිත්‍රපට සමාගම හෝ ස්ටුඩියෝවේ පහත කාණ්ඩ වලට අයත් ජ්‍යේෂ්ඨ නිළධාරීන් සිටිය යුතුය.

කාන්තාවන්, සමලිංගික/සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් හෝ ආබාධිත හෝ
ආසියාතික, කලු ඇමරිකානු, ලතින් ඇමරිකානු, රතු ඉන්දියානු වැනි අවශේෂ ජාතිකයන්

මෙම නවතම සුදුසකම් පිලිබඳව මේ වනවිටත් බෙදීම් හටගෙන තිබෙනවා. සමහරුන්ට අනුව මේවා තද නීති ලෙසත් තවත් අයවලුන්ට අනුව පසුගිය වසර දහයේම හොඳම චිත්‍රපටය දිනාගත් චිත්‍රපට(Parasite, Green book, 12 Years a slave වැනි) මෙම අවශ්‍යතා ලෙහෙසියෙන්ම සපුරන බැවින් මෙය එතරම් තද නීතියක් ලෙස නොසැලකිය යුතු බවත් අදහස් පල කරනවා. නමුත් මේ ආකාරයට තෝරන චිත්‍රපටය හොඳම චිත්‍රපටය වනේනේ කෙසේදැයි ගැටලුවකි.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

15 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

16 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago