දේශීය

සියලු පාසල් හෙට සිට විවෘත කිරීමට පියවර

දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු හෙට (10) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

කෙසේවෙතත් 5,10,11, 12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘතව පවතින අතර අනෙක් ශ්‍රේණි සදහා අදියර වශයෙන් අධ්‍යයන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලා.

සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් සාමාන්‍ය පරිදි දින 05 තුළම පැවැත්වීමට නියමිත අතර ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල් සඳහා එක් එක් ශ්‍රේණිවලට අධ්‍යයන කටයුතු සිදුකිරීමට නියමිත දින නම් කර තිබෙනවා.

ළමුන් 200ට වැඩි ප්‍රාථමික පාසල් සඳහා පළමු ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය සඳුදා දිනයේත්, 2 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය අඟහරුවාදා දිනයේත්, 3 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය බදාදා දිනයේත් පැවැත්වෙනු ඇත.

මීට අමතරව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 4 සහ 5 වන ශ්‍රේණි සදහා පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලා.

මේ අතර සිසුන් සංඛ්‍යාව 200ට වැඩි ද්විතියක පාසල් සඳහා සදුදා දිනයේ 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත්, අගහරුවාදා දින 7 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත්, බදාදා දින 8 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත් පාසල් පැවැත්වෙනු ඇති.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 9 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පමණක් පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් ක..

6,7,8 සහ 9 ශ්‍රේණි සදහා පාසල් කාලය පෙරවරු 07.30 සිට දහවල් 01.30 දක්වා වන අතර 10 සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් කාලය පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලා.

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

19 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

19 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

1 day ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

1 day ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

1 day ago