මහ මැතිවරණය පැවැත්වෙන අද (05) දින ඡන්ද මධ්‍යස්ථාන සහ ඒ අවට රැඳී සිටිමින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කරන ඡන්ද දායකයන්ට හිරි හැර වන සේ නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇතැයි පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය.
ඡන්ද මධ්‍යස්ථානයක සිට මීටර් 500ක් තුළ දේශපාලන පක්ෂ කාර්යාල පවත්වාගෙන යෑමට නොහැකි බවත් අපේක්ෂකයාට සිය නිවෙසේ පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන යෑමට නීතියෙන් අවකාශ ඇතත් මේ සීමාව තුළ අපේක්ෂකයාට ද සිය නිවෙසේ පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඡන්දය ආයාචනා කිරීම යම් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයකුට ඡන්දය නොදෙන ලෙසට පෙළඹවීම මෙන්ම බලපෑම් කිරීම ද වරදක් වන බවත් එබැවින් එම වරදවල් නොකරන ලෙස දේශපාලන ආධාරකරුවන්ගෙන් රුවන් ගුණසේකර මහතා ඉල්ලීමක් ද කරයි.
අත්පත්‍රිකා බෙදා හිරීම්, අත්පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම් ද තහනම් බැවින් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රුවන් ගුණසේකර මහතා කීය.
එසේම ඡන්ද මධ්‍යස්ථන නිලධාරීන්ට සහ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන්ට බාධා කිරීම් ද වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි වරදක් වනු ඇතැයි ද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
“ඡන්ද හිමියන් පොදු ප්‍රවාහන සේවාවලින් ප්‍රවාහනය කිරීමට නීතිමය බාධාවක් නැහැ. තමන්ගේ වාහනයකින් ඡන්ද පොළ වෙත ගමන් කිරීමට ද බාධාවක් නැහැ. නමුත් චේතනාන්විතව ඡන්ද හිමියන්ව ප්‍රවාහනය කිරීම නීතිය හමුවේ වරදක් වන බැවින් එම වරද නොකරන ලෙස ඉල්ලා සිටිනවා“ යැයි ද රුවන් ගුණසේකර මහතා පැවැසීය.
එසේ ඡන්ද හිමියන් ප්‍රවාහනය කරන වාහන පොලිස් භාරයට ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පොලිස් මූලස්ථානයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදී රුවන් ගුණසේකර මහතා මේ කරුණු දැක්වීම කළේය.
දිනිමණ
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…