Saturday, September 12, 2026
Homeදේශීයරෝහල් දෙකක් හැදු මිනිස්සු

රෝහල් දෙකක් හැදු මිනිස්සු

රෝහලක ඉල්ලීම පිළිබඳ වලපනේ ඇතිවී තිබෙන කතා බහ පිළිබඳව අවධානය යොමු කරද්දි අද වන විට ජනතාගේ මැදිහත්වීම තුල ගොඩනැගු මඩුල්ල හා රූපහ රෝහල් පිළිබඳව කතා කිරීම වටී. විශේෂත්වය වන්නේ එම රෝහල් ගොඩනැගීම සඳහා කිසිදු දේශපාලඥයෙකුගේ දායකත්වය නොලැබිමයි. එම රෝහල් ගොඩනැගීමට නායකත්වය දුන් අයද කිසි තැනක තමන් විසින් එයට නායකත්වය දුන් බව පවසා කිසිදු වරප‍්‍රසාදයක් නොඉල්ලීමද විශේෂත්වයකි.

මඩුල්ල රෝහල් ගොඩනැගිමට ගම්වැසියන්ට නායකත්වය දුන් වෛද්‍ය කුමුදු වික‍්‍රමසිංහ අද අකාලයේ මෙලෙව හැර ගොසිනි. එහෙත් ඔහු කල සේවය මඩුල්ල ජනතාවගේ හදවත් තුල සදාකල්හිම පවතිනු ඇත. ගම්වැසියන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් ඉදිකල මඩුල්ල රෝහල් ගොඩනැගිල්ල ලක්ෂ 150 කට වැඩි වටිනාකමකින් යුක්ත වන අතර රූපහ රෝහලේ ඉදිකල ගොඩනැගිල්ල ලක්ෂ 200 ඉක්මවයි. ඒ සියල්ල කළේ ශතයෙන් ශතය, දහදියෙන් දහදිය බිඳුව එක්කර ගෙනය. ඊටත් වඩා එම රෝහල් වල ශ්‍රේණි, පන්ති භේද නොපවත්වා ගමින් වෛද්‍යවරුන් සහ අනිකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩල එක පවුලක් ලෙස ජනතාවට උපරිම සේවාවක් ලබාදෙයි. එහෙත් ඒ සඳහා කැපවු කිසිවෙකු හන්දි ගානේ වේදිකා තනා තමන් කල දේ ගැන පම්පෝරි ගසන්නේ නැත.

වෛද්‍ය කුමුදු වික‍්‍රමසිංහ, වෛද්‍ය එස්. කේ. රත්නායක, වෙද්‍ය උදිත කෞෂළ්‍ය, වෛද්‍ය ෆාතිමා රිෆ්කා, වෛද්‍ය කවීෂා ගුණතිලක, වැනි පොදු අරමුණු වෙනුවෙන් නායකත්වය දුන් උදාර මිනිසුන්ද, මෙවන් උදාර කාර්යයන් සඳහා පෙරමුණ ගෙන ක‍්‍රියාකල කේ. ජී. කේ සුරියලන්ද, අනුර චන්තුක බණ්ඩාර, පී. ඞී. ජේ. සපුගස්වත්ත, අනුර බොරගොල්ල, සෙනරත් බණ්ඩාර පමණක් නොව ඉලුක්වෙල සෝමරතන හිමියන් ඇතුලු අප දත් නොදත් ග‍්‍රාමීය නායකයන් සියලු දෙනාද අපට පෙන්නුම් කරන්නේ ජනතා බලය කෙරෙහි විශ්වාසය තබන ලෙසයි. එසේ නොමැතිව කවුරුන් හෝ පත් කර, කවුරුන් ඇහුම්කන් දී, කාගේ හෝ හිත උණුවී තමන්ට රෝහල් තනා දේවි යැයි කවුරු හෝ හිතන්නේ නම් එය මුලාවකි. එක්කෝ තොපි එපා කියා වැඩේ අතට ගත යුතුය. නැතිනම් නොකරොත් තොපිට ගහනවා කියා පාරට බැසිය යුතුය. ඒ හැර වෙනත් විකල්පයක් නැත. ඇත්තේ රැවටීම පමණකි.

READ:   Talk With ලාල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක්

Sampath Jayalal නුවරඑළිය

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්