දේශීය

බුවනෙකබාහු රජතුමාගේ රාජසභා මණ්ඩපය ඩෝසර් කළ අය රකින්නේ කව්ද? – Patali Champika

අද උදෑසන හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතා සිද්දිය වු ස්ථානයට පැමිණ එය පරීක්ෂා කළා.
මේ එහිදී දැක්වු අදහස්.

කුරුණෑගල රාජධානියේ ඓතිහාසික උරුමය ඩෝසර් කළ අපරාධකරුවන් රකින්නේ ජනපති හා අගමැති

“මේ රටේ ජාතික සංස්කෘතිය ආරක්ෂා කරනවා කියලා පසුගිය ජනාධිපතිවරණයෙන් බලයට ඇවිත්, අද අපිට පේනවා මේ ජාතික සංස්කෘතියට කරගෙන යන විනාශය. මාර්ග සංවර්ධනය සඳහා යම් ක්‍රමවේදයක් තියනවා. පරිසර ඇගයීමක් සහ පුරාවිද්‍යාත්මක ඇඟයීමක් සිදුකල යුතුයි.

මේ ස්ථානය දෙවන බුවනෙකබාහු රජතුමාගේ රාජසභා මණ්ඩපය තිබුනු ස්ථානය ලෙස පුරාවිද්‍යා කොමසාරිස් හදුනාගෙන තිබෙනවා. ඒ බව පුරාවිද්‍යා කොමසාරිස් විසින් නගර සභාවට සහ පොලීසියට දැනුම්දී තිබියදී බලහත්කාරයෙන් මේ විනාශය සිද්ධ කරලා තියෙනවා.

දැන් තියෙන්නේ කොමිෂන් සභා පත්කර කර කල් මැරීම නෙමෙයි. මේ සිදුවීම්වලට සම්බන්ධ පාර්ශව අත්අඩංගුවට ගැනීම. මේ රටේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව අද තියෙන්නේ රටේ අගමැතිවරයා යටතේ. රටේ අගමැතිවරයා තමයි කුරුණෑගල ප්‍රධාන ජන්ද අපේක්ෂකයා.

රටේ පොලීසිය තියෙන්නේ ජනාධිපතිවරයා යටතේ. ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා පොලීසිය ක්‍රියාත්මක කරවන්න. කොමිෂන් දාදා බලා ඉන්න එක නෙමෙයි මේකට කරන්න ඕන.

අපි පැහැදිලිව කියනවා මේ රටේ ජනතාවට මාර්ග හදලා දෙන්න නෙමෙයි මේ හදන්නේ. මේ අනාගතයෙදි මේ අය කරන්න හදන හෝටල් ව්‍යාපෘති වලට අවශ්‍ය කරන බිම් කඩවල් සුද්ධ කරන එක තමයි මේ කරන්නේ. එහිදී ඔවුන්ට මෙතන තිබ්බේ බුවනෙකභාහු රජතුමාගේ රාජසභා මණ්ඩපයද, පුරාණ විහාරස්ථානයක්ද, පුරා විද්‍යා ස්මාරකයක්ද යන්න අදාලම නැහැ.

මේ මහමාර්ග සංවර්ධන අධිකාරිය අයිති ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයට. ඔහු පිටුපස ඉන්නේ නාමල් රාජපක්ෂ. මේ විනාශය ඒ සියලු දෙනාගේම අනුමැතියෙන් සිදුවුන දෙයක් මිසක් කුරුණෑගල නගරාධිපතිගේ අවශ්‍යතාවයට සිදුකරපු දෙයක් නෙමෙයි. ඒ නිසා මෙහි සම්පූර්ණ වගකීම ජනාධිපතිත් අගමැතිති දැරිය යුතුයි” – පාඨලී චම්පික රණවක

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

6 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

6 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago