Categories: දේශීය

LTTE එක මුලතිවු කැම්ප් එකට ගහලා අදට අවුරුදු 24 යි

LTTE එක මුලතිවු කැම්ප් එකට ගහලා අදට අවුරුදු 24 ක් වෙනවා තිස් වසරක ඊලාම් යුද්දයේ දෙවන විශාලම පරාජය මෙයයි මේ සටන පුරා දින 8ක් සිදුවුණා , එනම් 1996.07.26 වන තෙක් රිවිරැස මෙහෙයුමෙන් යාපන මුදාගැනිමෙන් පස්සෙ යාපනෙ හිටපු කොටි සාමාජිකයන් 3000ක් පමන වන්නි ප්‍රදෙශයට පලා ආවා .යාපනෙ නැති වු අවමානය නැති කරගන්න ඔවුන් වන්නි ප්‍රදෙශයෙ හුදකලා කදවුරකට පහර දිමට තිරනය කලා .. මෙම ප්‍රහාරය සදහා කොටි සාමාජිකයන් 4000ක් පමන කැදවු අතර මුහුදු කොටි සුසෙයී යටතෙත් . ගොඩබිම් කන්ඩායම් බල්රාජ්ගෙ නායකත්වයෙන් ස්වර්නම් , තීපන් , භානු යටතෙ මෙහෙයවනු ලැබිනි .. එවගෙම කදවුර තුල සිටි කාල තුවක්කු අනු කන්ඩය භාරව සිටි කැප්ටන් සුරෙශ් රාජ් එල් .ට් .ට් යට ඔත්තු සැපවු බවටද පසුව වාර්තා වුනිමෙම ප්‍රහාරය ආරම්භ වන විට මුලතිවු කදවුරේ සෙබළුන් 1407 කු සිටියා එනම් යුද හමුදාවේ – 1268නාවික හමුදාවේ – 09 පොලිසියේ – 49සිවිල් සේවකයින් – 81මේ අතරින් ප්‍රහාරයෙන් බේරී පැමිණියේ නිලධාරීන් 2කු සහ සෙබළුන් 60 දෙනෙකු පමණි . මේ අනුව 1343 ක් වූ අනිත් සියල්ලෝම අතුරුදහන් වුනා . ඒ වගේම ත්‍රිවිධ පහර ක්‍රියාන්විතය යටතේ ඔවුන්ව මුදා ගැනිමට පැමිණි සෙබළුන්ගෙන් 100 දෙනෙකුද මිය ගොස් සිටියා ඒ අනුව සෙබළුන් 1443 ක් මුලතිවු මහා සටනේදී අපට අහිමි වුණා . තවද ලෙෆ්ටිනන් කර්නල් ෆස්ලි ලෆීර් , ලේෆිටිනන් රණසිංහ වැනි සෙන්පතිවරුන් අහිමි වුණා ඒමෙන්ම LTTE සංවිධානයේද 800 ට වඩා මිය ගිය බව සදහන්ය ඉතින් අද වැනි දවසක , අදටත් අමතක නොවන මේ මුලතිවු සටනේදී රට වෙනුවෙන් දිවිපිදු ඒ සියළුම රණවිරුවන්ට උපහාර කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා . මේ භුමියේ උපදින වාරයක් පාසා අප ඔවුන්ට ණයගැති .

Thisara Kasun

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

18 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

18 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago