Saturday, April 18, 2026
Homeදේශීයමොකද්ද මේ Eastern කැම්පස් එකයි , South Eastern කැම්පස් එකයි කියන්නේ ?

මොකද්ද මේ Eastern කැම්පස් එකයි , South Eastern කැම්පස් එකයි කියන්නේ ?

ඒ දෙකම එකක් ද නැත්නම් …… ??

ගොඩා….ක් අය හිතාගෙන ඉන්න වගේම ගොඩාක් අයට පැටලෙන දෙයක් තමා මේ නැගෙනහිර විශ්වවිද්‍යාලය {හිරු නැගෙන සරසවිය} (Eastern University) එකයි අග්නිදිග විශ්වවිද්‍යාලය (South Eastern University) කියන්නේ එකම විශ්වවිද්‍යාලයක් කියලා… මොකද දෙකම තියෙන්නේ සාමාන්‍ය දුරකින් …. ඒ වගේම එකක් ” Eastern ” අනිත් එක “South Eastern” නිසා….. නමිනුත් ගොඩා….ක් අයට පැටලෙනවා….

මේ හිරු නැගෙන සරසවිය පේජ් එක කරන්නෙත් නැගෙනහිර විශ්වවිද්‍යාලය එහෙමත් නැත්නම් Eastern Campus එකෙන්..

ඒත් මේ Eastern (නැගෙනහිර විශ්වවිද්‍යාලය) , South Eastern (අග්නිදිග විශ්වවිද්‍යාලය ) කියන්න්නේ විශ්වවිද්‍යාල දෙකක්…..මේ විශ්වවිද්‍යාල දෙකේ ගොඩාක් වෙනස්කම් වගේම පිහිටලා තියන නගරත් එකිනෙකට වෙනස්…..

———————————————————————–
1. නැගෙනහිර විශ්වවිද්‍යාලය (හිරු නැගෙන සරසවිය) – Eastern University
———————————————————————–

මේ නැගෙනහිර විශ්වවිද්‍යාලය එහෙමත් නැත්නම් හිරු නැගෙන සරසවිය පිහිටලා තියෙන්නේ “මඩකලපුව” නගරයට ආසන්නව තියන “චෙන්කලඩි – වන්තාරුමූලෙයි ” කියන ගමේ…..

මේ නැගෙනහිර විශ්වවිද්‍යාලය (Eastern University) එක ගොඩා….ක් විහිඳිලා ගිය කැම්පස් එකක්….මේකේ ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණය තියෙන්නේ මඩකලපුව ආසන්නව තියන චෙන්කලඩි – වන්තාරුමූලෙයි කියන ගමේ…..

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ එහමත් නැත්නම් හිරු නැගෙන සරසවියේ සෞඛ්‍ය ආරක්‍ෂණ පීඨය – Faculty Of Health Care Sciences (Medical Faculty /Nursing Faculty ) පිහිටලා තියෙන්නේ මඩකලපුව ප්‍රධාන නගරය ආසන්නව…..තව විදියකින් කීවොත් කල්ලඩි පාලම කිට්ටුව…

මේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තවත් කොටසක් තියනවා ත්‍රීකුණාමයේ….ත්‍රීකුණාමල මණ්ඩපය කියන්නේ ඒකට…..(Trincomalee Campus) මේ ත්‍රීකුණාමල මණ්ඩපයේ තියෙන්නේ ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයේ නැති ෆැකල්ටි කීපයක්….(ත්‍රීකුණාමල මණ්ඩපය ගැන පුළුල් විස්තරයක් මං පස්සේ එකතු කරන්නම්)

මේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තවත් කොටසක් තියනවා සෞන්දර්ය පීඨයක් ස්වාමි විපුලානන්ද පීඨය කියලා….මේක දමිළ මාධ්‍ය (Tamil Medium) සෞන්දර්ය පීඨයක්…මේක පිහිටලා තියෙන්නේ මඩකලපුවට නුදුරින් තියන “අරසඩි” කියන ගමේ…..

දැන් බලමු මේ නැගෙනහිර විශ්වවිද්‍යාලය ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයේ තියන පීඨ (Faculty) මොනවද කියලා…..

1.ජෛව පද්ධති තාක්ශණ පීඨය
(Faculty Of Bio System Technology )

READ:   හජ් උත්සවය ජුනි 29 වනදා

2.විද්‍යා පීඨය (Faculty Of Science)

3. වාණිජ හා කළමනාකරණ පීඨය
(Faculty Of Commerce & Management )

4.කෘෂි විද්‍යා පීඨය (Faculty Of Agriculture )

5. කලා පීඨය ( Faculty Of Arts – Tamil Medium )

මෙන්න මේ කියන පීඨ පිහිටලා තියෙන්නේ ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයේ… ඒ කියන්නේ චෙන්කලඩි – වන්තාරුමූයෙයි වල….

ගොඩා….ක් අයට පැටළෙන දෙයක් තමයි මේ Art Faculty එකට සිංහල අයට අයදුම් කරන්න බැරිද කියන එක….බැහැ මෙහේ තියන එකම දමිළ මාධ්‍ය (Tamil Medium) පීඨය මේ කලා පීඨය…ඒක කරගෙන යන්නේ දමිළ මාධ්‍යයෙන්….

අනිත් වැදගත්ම පීඨය තමා ,

6. සෞඛ්‍ය ආරක්‍ෂණ විද්‍යාපීඨය
( Faculty Of Health Care Sciences)

මේක පිහිටලා තියෙන්නෙ කලින් කීවා වගේ මඩකලපුව නගරය කිට්ටුව….කල්ලඩි පාලම ආසන්නයේ….

මේකේ කොටසක් දෙකක් තියනවා…..
1.Faculty Of Medicine
2.Faculty Of Nursing

ගොඩා…ක් අය හිතන්නේ මේ නැගෙනහිර විශ්වවිද්‍යාලයට අයිති Medical Faculty එකේ වෙනව Degree එකක් දෙන්නෙ කියලා…නැහැ මේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය (Medical Faculty) එකේ දෙන්නෙත් අනිත් විශ්වවිද්‍යාල වල වගේම MMBS Degree එක….. වටිනාකමේ කිසිම වෙනසක් නැහැ….

අනිත් කොටස තමා ත්‍රීකුණාමල මණ්ඩපය – Trincomalee Campus කියන්නේ…..මේක පිහිටලා තියෙන්නෙ නිලාවැලි මුහුද ආසන්නයේ…ඒ නිසාම මේ කැම්පස් එකත් අවට පරිසරය අතින් ගොඩා…ක් ලස්සන කැම්පස් එකක්….මේ ත්‍රීකුණාමල මණ්ඩපයේ තියන පීඨ මොනාද කියලා දැන් බලමු….

7.ත්‍රීකුණාමල මණ්ඩපය (Trincomalee Campus)

[1].ව්‍යවහාරික විද්‍යා පීඨය – Faculty Of Applied Science

1.1. පරිගණක විද්‍යා පීඨය ( Faculty Of Computer Science – Part of Applied Science Faculty)

[2]. ජනසන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යන පීඨය
( Faculty Of Communication & Business Studies )

[3]. සිද්ධ වෛද්‍ය පීඨය ( Faculty Of Siddha Medicine )

මෙන්න මේ ත්‍රීකුණාමල මණ්ඩපයේ තියන Communication & Business Studies එහෙමත් නැත්නම් ව්‍යාපාර හා ජනසන්නිවේදන පීඨයට සිංහල මාධ්‍යය කලා (Art) කරපු අයට ඉල්ලුම් කරන්න පුලුවන්….හැබැයි මේ පාඨමාලාව කරගෙන යන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් (English Medium) වලින් …. ඒ නිසා ඒකට අයදුම් කරද්දි සාමාන්‍ය පෙළ (O/L) ඉංග්‍රීසි වලට සම්මාන සාමාර්ථයක් (above C Credit ) එකක් තියෙන්න ඕනී….

READ:   පොහොට්ටුවෙන් මැතිවරණයට තරග කරන්න සූදානම්!! - ධම්මික පෙරේරා

අවසාන ෆැකල්ටි එක…දමිළ මාධ්‍යය සෞන්දර්ය පීඨය..

8.ස්වාමි විපුලානන්ද සෞන්දර්ය පීඨය (SVIAS)

දැන් බලමු අග්නිදිග විශ්වවිද්‍යාලය එහෙමත් නැත්නම් South Eastern University එක ගැන…..

——————————————————————————
2. අග්නිදිග විශ්වවිද්‍යාලය – South Eastern University
——————————————————————————

මේ අග්නිදිග විශ්වවිද්‍යාලය පිහිටලා තියෙන්නේ අම්පාර නගරයට ආසන්නව තියන “ඔලුවිල්” කියන ගමේ…..මේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණය තියෙන්නේ ඔලුවිල් වල…..

මෙන්න මේ කියන පීඨයන් තමා (Faculty) අග්නිදිග විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයේ තියෙන්නේ….

1.ඉංජිනේරු පීඨය ( Faculty Of Engineering )

2. කළමනාකරණ හා වාණිජ පීඨය
( Faculty Of Management & Commerce )

3.තාක්ශණ පීඨය ( Faculty Of Technology )

4.කලා හා සංස්කෘත පීඨය ( Faculty Of Art & Culture )
(Tamil Medium)

5.අරාබි භාශාව හා ඉස්ලාමීය ධර්මය
(Faculty Of Islamic Studies & Arabic Language)

මේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ කලා පීඨයත් දමිළ මාධ්‍යයෙන් තමා තියෙන්නෙ….ඒ නිසා සිංහල මාධ්‍යය අයට අයදුම් කරන්න බැහැ…..

මේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ එහෙමත් නැත්නම් South Eastern University එකේම තව කොටසක් තියනවා ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයට ටිකක් දුරින් පිහිටලා තියන සම්මන්තුරෙයි (සමන්තුරේ – Sammanthurei ) කියන ගමේ….මේ සම්මන්තුරෙයි කියන ගමේ තියෙන්නේ අග්නිදිග විශ්වවිද්‍යාලයට අයත් ව්‍යවහාරික විද්‍යා පීඨය (Faculty Of Applied Science) ….

6.ව්‍යවහාරික විද්‍යා පීඨය (Faculty Of Applied Science)

ඔන්න ඔය කියන ප්‍රධාන පීඨ තමා අග්නිදිග විශ්වවිද්‍යාලයට (South Eastern University ) එකට අයිති වෙන්නේ……

දැන් තේරෙනවා ඇති Eastern , South Eastern කියන්නේ කැම්පස් එකක් නෙවෙයි කැම්පස් දෙකක් කියලා….

ඒත් මේ නැගෙනහිර විශ්වවිද්‍යාලයයි (හිරු නැගෙන සරසවිය) අග්නිදිග විශ්වවිද්‍යාලයෙයි වෙනස ගැන තවමත් හරියාකාරව නොදන්න ගොඩාක් අය ඉන්නවා….

මේ සටහන ප්‍රයෝජනයක් උනානම් පහළින් Comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා…..

තොරතුරු හා සටහන : Thushanga Pramod


හිරු නැගෙන සරසවිය – Eastern University

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්