දේශීය

24 වන නාවික හමුදාපති ධූරයට නිශාන්ත උළුගේතැන්න

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද (2020 ජුලි 15) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් කරන ලදි. ඒ අනුව, අද (2020 ජුලි 15) උදෑසන, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් පියල් ද සිල්වා විසින් නව නාවික හමුදාධිපතිතුමන් වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපතිගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. මෙයට සමගාමීව නව නාවික හමුදාධිපතිතුමන් වෙත නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් ආචාරය පිරිනැමීම ද සිදු කෙරිණි.

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර, පාසැල් ශිෂ්‍ය නායකයෙකු වශයෙන් සිය නායකත්ව හැකියාවන් ප්‍රදර්ශනය කර ඇති ඔහු පාසැල් ශිෂ්‍යභට අනුඛණ්ඩයේ සාමාජිකයෙක් ලෙසද හර්මන්ලූස් කුසලානය දෙවරක් දිනාගැනීම‍‍‍ට සමත් වූ ශීෂ්‍යභට අනුඛණ්ඩය නියෝජනය කර ඇත. 1985 වර්ෂයේ 13 වන ශීෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිළධාරියෙකු වශයෙන් නාවික හමුදාවේ විධායක අංශයට එක් වූ ඔහු සිය මූලික පුහුණුව ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හා සාගරික විද්‍යපීඨයෙන් ලබා ගැනීමෙන් අනතුරුව, 1987 වර්ෂයේ ජනවාරි 07 වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වී එතැන්සිට ක්‍රමාණුකූලව උසස්වීම් ලබමින් 2015 ජුලි 01 වන දින රියර් අද්මිරාල් නිලයට උසස් වන ලදි. වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අවි කටයුතු සහ මිසයිල පිළිබඳ විශේෂඥයෙකු වන අතර, නාවික හමුදා යාත්‍රාවන්ට මිසයිල තාක්‍ෂණය හඳුන්වාදුන් පුරෝගාමි කණ්ඩායමේ සාමාජිකයෙක් ද වේ. එතුමන් සිය 35 වසරකට අධික නාවික දිවිය තුළදී විවිධ නෞකා හා යාත්‍රාවල මෙන්ම ආයතනවලද රාජකාරී සිදු කර ඇත.

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එක්සත් රාජධානියේ ලන්ඩන් කිංග්ස් කොලේජ් විශ්ව විද්‍යාලයෙන්, ඔස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් ව්ශ්ව විද්‍යාලයෙන් සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධි ත්‍රිත්වයකට හිමිකම් කියනු ලබයි. ඔහු එක්සත් රාජධානියේ ඒකාබද්ධ සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරමින් එහිදී ආරක්‍ෂක අධ්‍යනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇති අතර, ඔස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති සම්බන්ධ ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන ඇත. තවද ඔහු ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ කීර්තිමත් විද්‍යාර්ථියෙක් වන අතර, එම විද්‍යාලයෙන් ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යනය සම්බන්ධ දර්ශනපති උපාධිය ලබා‍ ගෙන ඇත. එමෙන්ම ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ හාවායි හි පිහිටි ආරක්‍ෂක අධ්‍යනය පිළිබඳ ආසියාෆැසිපික් මධ්‍යස්තානයෙන් ත්‍රස්තවාදයට එරෙහි පූර්ණ ආරක්‍ෂක ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පුළුල් ලෙස හදාරා ඇත.

තවද, අතිගරු ජනාධිපති තුමන් විසින් වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සතුරා ඉදිරියේ විදහා පෑ රනශූරත්වය වෙනුවෙන් රණශූර පදක්කම දෙවතාවක් පිරිනමා ඇති අතර, ආදර්ශවත් විශිෂ්ඨ චරිතය සඳහා විශිෂ්ඨ සේවා විභූෂණයෙන් සහ උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත. තවද මව්බිමේ නිදහස වෙනුවෙන් සක්‍රිය සේවයේ යෙදී සිටියදී සිදු වූ තුවාල හේතුවෙන් දේශපුත්‍ර පදක්කම සහ මව්බිමේ නිදහස වෙනුවෙන් සිදු කළ දායකත්වය සඳහා සේවා පදක්කම් ගණනාවකින් පිදුම් ලබා ඇති එතුමන් නාවික හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති වශයෙන් ක්‍රීඩකයන්ගේ අභිවෘද්ධිය උදෙසා විශාල දායකත්වයක් ලබා දී ඇත.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

23 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

23 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

1 day ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

1 day ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

1 day ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago