2020 මාර්තු, අප්‍රියේල් සහ මැයි මාසවල විදුලි බිල්පත සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ එල්ල වූ චෝදනා හා පැමිණිලි සම්බන්ධව අවධානය යොමු කරමින් ඒ සඳහා මහජනතාවට දැවැන්ත සහනයක් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව විදුලිබල බලශක්ති සහ ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (15) පැවසුවා.
ඒ අනුව මාර්තු, අප්‍රියේල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ සඳහන් බිල්පතට අනුව හෝ ඉන්පසුව ලද අවම බිල්පත යටතේ ( පෙබරවාරි මස සඳහන් වන මිල ගණනට වඩා මාර්තු බිල්පත අඩු නම් එම බිල්පතේ සඳහන් ගණන ) ගෙවීමට අවස්ථාව ලබාදීමට රජය අද දින තීරණය කළ බව අමාත්‍යවරයා ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.
ඒ් අනුව බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක් ලැබෙන අතර එම කාලය තුළ කිසිදු විදුලි විසන්ධි කිරීමක් සිදු නොකිරීමට ද ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.
මාස 03ට ලබාදුන් බිල්පත් අනුව යම් කෙනෙක් බිල්පත් දැනටමත් ගෙවා ඇත්නම් ඊට අදාළ මුදල් ලබා ගැනීම හෝ ඉදිරි බිල්පත්වලින් එම මුදල් පූරණය කිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා මාධ්‍යට පැවසුවා
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…