Thursday, April 9, 2026
Homeදේශීයවිදුලි බිලට මාස තුනක සහනයක් - අමාත්‍ය මහින්ද අමරවීර

විදුලි බිලට මාස තුනක සහනයක් – අමාත්‍ය මහින්ද අමරවීර

2020 මාර්තු, අප්‍රියේල් සහ මැයි මාසවල විදුලි බිල්පත සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ එල්ල වූ චෝදනා හා පැමිණිලි සම්බන්ධව අවධානය යොමු කරමින් ඒ සඳහා මහජනතාවට දැවැන්ත සහනයක් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව විදුලිබල බලශක්ති සහ ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (15) පැවසුවා.

ඒ අනුව මාර්තු, අප්‍රියේල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ සඳහන් බිල්පතට අනුව හෝ ඉන්පසුව ලද අවම බිල්පත යටතේ ( පෙබරවාරි මස සඳහන් වන මිල ගණනට වඩා මාර්තු බිල්පත අඩු නම් එම බිල්පතේ සඳහන් ගණන ) ගෙවීමට අවස්ථාව ලබාදීමට රජය අද දින තීරණය කළ බව අමාත්‍යවරයා ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.

ඒ් අනුව බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක් ලැබෙන අතර එම කාලය තුළ කිසිදු විදුලි විසන්ධි කිරීමක් සිදු නොකිරීමට ද ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

මාස 03ට ලබාදුන් බිල්පත් අනුව යම් කෙනෙක් බිල්පත් දැනටමත් ගෙවා ඇත්නම් ඊට අදාළ මුදල් ලබා ගැනීම හෝ ඉදිරි බිල්පත්වලින් එම මුදල් පූරණය කිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා මාධ්‍යට පැවසුවා

READ:   තවත් මරණ 27ක්!
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්