Friday, May 1, 2026
Homeදේශීයඇඳිරි නීතිය පැනවීම අවශ්‍ය නැහැ - විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

ඇඳිරි නීතිය පැනවීම අවශ්‍ය නැහැ – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

රටට ඇඳිරි නීතිය පැනවීම මේ මෙහොතේ අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අද පැවසුවා.

ඔහු කියා සිටියේ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් රටපුරා ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් නොමැති බවත් යම් ගැටළුවක් පැන නැගුනොත් ඊට අවශ්‍ය අයුරින් පියවර ගන්නා බවයි.

මේ වන විට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ කොරෝනා වෛරස පොකුරෙන් රෝගීන් 532ක් වාර්තා වී ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසා සිටියා.

වාර්තාවූ පුද්ගලයින් ගෙන් 25 දෙනෙකු කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ පුද්ගලයින්ගේ නිවෙස් වල පුද්ගලයින්.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ PCR පරීක්ෂණ 3000ක්
ඉදිරියේදී දිවයිනේ ස්ථාන රැසක දී PCR පරීක්ෂණ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

READ:   ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලීමක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්