Friday, May 1, 2026
Homeදේශීයරටම ආදරය කළ සිබිල් නැන්දා වෙනුවෙන් ජනපතිගෙන් සහ අගමැතිගෙන් ශෝක පණිවිඩ

රටම ආදරය කළ සිබිල් නැන්දා වෙනුවෙන් ජනපතිගෙන් සහ අගමැතිගෙන් ශෝක පණිවිඩ


සිබිල් නැන්දා ලෙසින් ආදරය දිනාගත් සිබිල් වෙත්තසිංහ මහත්මියගෙන් ලෝක ළමා සාහිත්‍ය පෝෂණය කිරීමට ලැබූ දායකත්වය ශී‍්‍ර ලාංකිකයින් වශයෙන් අභිමානයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. 

ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ දරු පරපුර අතර සිරිත් විරිත් සහ වටිනාකම් ප‍්‍රවර්ධනයට සිබිල් වෙත්තසිංහ මහත්මිය දශක 6 ක් පුරා කළ අත්හදා බැලීම් ලාංකේය අනන්‍යතාව සහිත ළමා සාහිත්‍යයක් ලෝකයට දායාද කිරීමට උපකාර වූ බවයි.

ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාද පවසන්නේ මුළු දිවියම ළමා ලෝකයේ සතුට වෙනුවෙන් කැප කළ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ නිර්මාණ තවත් චිරාත් කාලයක් මෙරට ළමා ලෝකය සුන්දර කරනු ඇති බවයි. පුංචි දරුවන්ගේ ලෝකය තුළ ආදර සිබිල් නැන්දා වීරවරියක් බවද අග‍්‍රාමාත්‍යවරයා පවසනවා.

ජාත්‍යන්තර කීර්තියට පත් කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පිනියක වූ අභාවප‍්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (03) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනවා.

93 හැවිරිදි වියේ පසු වූ ඇය ඉකුත්දා අභාවප‍්‍රාප්ත වූයේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි. සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබුණේ මහජන ගෞරවය සඳහායි. 

READ:   වනිඳු හසරංග ජාත්‍යන්තරයේ පළමු තැනට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්