Sunday, July 26, 2026
Homeදේශීයදෙහිවල සත්වෝද්‍යානයේ සිටි බෙංගාල ව්‍යාග්‍ර මව මිය යයි

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි බෙංගාල ව්‍යාග්‍ර මව මිය යයි

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ‘ කෙල්ල’ නැමති අනුවර්ත නාමයෙන් හැදින්වූ අකිරා, ඩූමා, සහ ලියෝ යන පැටවුන් තිදෙනාගේ ව්‍යාග්‍ර මව මිය ගොස් තිබෙනවා.

ව්‍යාග්‍ර ධේනුවගේ බෙල්ලේ ඇතිවූ දරුණු පිළිකා රෝගයක් හේතුවෙන් සත්වෝද්‍යානයේ පශුවෛද්‍යවරුන් සහ සත්ව අංශයේ කාර්ය මණ්ඩලය ඇයට ප්‍රතිකාර සිදුකරමින් සිටියදී ඇය මිය ගොස් ඇති බව දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත පවසනවා.

ඇය චීනයේ ෂියැංජින් සෆාරි උද්‍යානයෙන් සත්ත්ව හුවමාරු වැඩසටහනක් යටතේ 2008 වසරේදී මෙරටට ලැබුණු අතර ඇය මිය යන විට ඇය 15 වන වියෙහී පසුවුණා.

සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පශු වෛද්‍යවරුන් විසින් සිදු කිරීමට නියමිතයි.

READ:   වයඹ පළාතේ ගවයින් මස් පිණිස යොදා ගැනීම නුසුදුසු යි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්