Sunday, May 31, 2026
Homeක්‍රීඩාඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා තරඟයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා තරඟයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතරදේනාගේ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරඟයෙන් කඩුළු 4ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඇෆ්ගනිස්ථානට ආරාධනා කළා.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 175 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 84 ක්, Ibrahim Zadran ලකුණු 40 ක් වශයෙන් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මදුෂන්ක කඩුලු 2 ක් හා මහීෂ් තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 176ක ඉලක්කයක් හබාගිය ශ්‍රී ලංකා කණ්ඩායම 19 වන පන්දුවාරය තුළ දී කඩුළු 4 ක් අතැතිව සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

READ:   ජනමූල කර්මාන්තවලට සාධාරණය ඉටු වන යුගයක් එනවා - කර්මාන්ත ඇමති විමල් වීරවංශ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්