අද (04) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටන් විට වැසි ඇති විය හැකි බවත් සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය, කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අනෙකුත් ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.


