Wednesday, April 22, 2026
Homeදේශීයනෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 සිට ආරම්භ වෙයි

නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 සිට ආරම්භ වෙයි

නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා.

මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ මෙරට ජනතාවට රුපියල් 500 හෝ රුපියල් 2000 ක ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන එයට ඇතුළුවීමේ හැකියාව ලැබෙන අතර අමෙරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදිවූ නෙළුම් කුළුණ දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල ලෙසයි සැලකෙන්නේ.

රුපියල් 2000 ප්‍රවේශ පත්‍ර ලබාගන්නා අයෙකුට පෝළිම්වල නොසිට අවස්ථා කිහිපයකදීම කුළුණේ ඉහළට යා හැකි අතර, රුපියල් 500 ප්‍රවේශ පත්‍රයක් ලබාගන්නා අයට කුළුණේ ඉහළට යා හැක්කේ එක් වරක් පමණක් බවයි නිවේදනයේ සඳහන් වන්නේ.

විදේශීය සංචාරකයෙකු සඳහා ලබාදෙන ප්‍රවේශ පත්‍රයක වටිනාකම අමෙරිකානු ඩොලර් 20 ක් වනවා.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්,

READ:   15 හැවැරිදි පෙම්වතිය බැලීමට යෑම සඳහා බස් රථයක් සොරකම් කල තරුණයාගේ දෙමාපියන්ට දැඩි අවවාද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්