Thursday, September 10, 2026
Homeක්‍රීඩාදුශ්මන්ත චමීරට ආසියානු කුසලානට අහිමි වෙයි

දුශ්මන්ත චමීරට ආසියානු කුසලානට අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට ක්‍රිඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. පුහුණුවීම් අතරතුරදී වම් පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙම තරඟාවලියට ක්‍රිඩා කිරීම අහිමී වී ඇති බවයි වාර්තා වන්නේ.

එළඹෙන 27 වෙනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවන ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කැඳවීමට ක්‍රිකට් තේරුම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

අතිරේක ක්‍රීඩකයින් ලෙස ක්‍රිකට් කණ්ඩායමේ සංචිතයට ඇතුළත් කර ඇති දිනේෂ් චන්දිමාල් , නුවනිදු ප්‍රනාන්දු , හා නුවන් තුෂාර එලඹෙන 24 වන දා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඔවුන් තිදෙනා පිටත්ව නොයන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

READ:   දුම්රිය ගාස්තු ඉහළ යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්