Thursday, July 23, 2026
Homeදේශීයෆින්ලන්ත අගමැතිනිය සාදයකදී සූර් වෙයි

ෆින්ලන්ත අගමැතිනිය සාදයකදී සූර් වෙයි

මැදියම් රාත්‍රිය වන තුරු නටලා

ෆින්ලන්තයේ අගමැතිනි සානා මැරීන් සාදයකට සහභාගි වෙමින් නර්තනයේ නිරත වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යජාලයට නිකුත් වීමෙන් පසු එරට විපක්ෂයේ දැඩි දෝෂාරෝපණයට ලක් වී සිටී. මේ වීඩියෝ පටයේ ඇය නර්තනයේ යෙදෙමින් සහ ගී ගයමින් ප්‍රීති වන අයුරු දැක්වෙන අතර, ඒ පිළිබඳ විවේචනය කළ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ඇය මත්ද්‍රව්‍ය භාවිත කළේදැයි සොයා බැලීමට වහාම පරීක්ෂණයකට ලක් කළ යුතු බවය.

36 හැවිරිදි සානා මැරින් මේ චෝදනාව තරයේම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම සාදයේදී තමා මත්පැන් පානය කළ බවත්, මැදියම් රැය වන තුරු නර්තනයේ යෙදුණු බවත් ප්‍රකාශ කර තිබේ.

නිරතුරුවම සාදවලට සහභාගි වන ෆින්ලන්තයේ අගමැතිනිය පසුගිය වසරේදී කොවිඩ් සීමා තහංචි උල්ලංඝනය කරමින් සාදයකට සහභාගි වීම හේතුවෙන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටි අතර, නඩුවකට පෙනී සිටීමට ද සිදු වී තිබිණි.

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

READ:   රට ගොඩනැඟීමට මූල්‍ය විනයක් අත්‍යාවශ්‍යයි - ජනපති අවධාරණය කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්