Sunday, April 19, 2026
Homeදේශීයකටුනායකින් පන්නන්න ගිය කෝටි 20 ක රන් බිස්කට් මාට්ටු

කටුනායකින් පන්නන්න ගිය කෝටි 20 ක රන් බිස්කට් මාට්ටු

මගියෙක් සහ ඩියුටිෆ්‍රී සේවිකාවක් අත්අඩංගුවට

ඊයේ (17) උදෑසන 08.35ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 650 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

එම ගුවන් යානයෙන් නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන, නිට්ටඹුව ප්‍රදේශයේ 39 හැවිරිදි ව්‍යාපාරිකයකුද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

ඔහු ගුවන් තොටුපොළ ආගමන විගමන කටයුතු නිමවා, කෙලින්ම ගියේ ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙතය.

ඒ වනවිට උදෑසන සේවා මුරය සඳහා ගුවන් තොටුපොළ තීරු බදු සාප්පු සංකීර්ණයේ සේවය සඳහා නියමිත සේවකයන් වාර්තා කරමින් සිටියහ. එහිදී ඔහුගේ හිතවත් සීදුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තරුණිය මුණ ගැසුණු අතර, ඔවුන් දෙදෙනා අතර කෙටි කතාබහකින් පසුව ගමන් මලු කිසිවක් නැතිව දෙදෙනා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රය ආසන්නයටද පැමිණෙමින් රවුම් කිහිපයක් ගසන්නට විය. මොවුන් දෙදෙනා කිහිප වරක්ම මේ ප්‍රදේශයේ සැරිසැරීම පිළිබඳ සැක සිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මොවුන් දෙදෙනා තම රේගු පරිශ්‍රය වෙත කැඳවා ප්‍රශ්න කරන්නට විය.

එහිදී රන් බිස්කට් පිළිබඳ හෝඩුවාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත දැන ගැනීමට හැකි වූ අතර, ඒ අනුව එතෙක් ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ තබා තිබූ මේ ගුවන් මගියාගේ ගමන් මලු සහ මේ තරුණියගේ අත් බෑගයද රේගු පරිශ්‍රය වෙත රැගෙන විත් පරීක්ෂා කිරීම් ආරම්භ කළේය.

එහිදී මේ තරුණියගේ අත් බෑගය තුළින් රන් බිස්කට් 50ක්ද ගුවන් මගියාගේ ගමන් මලු තුළින් රන් බිස්කට් 30ක්ද රේගු නිලධාරීන් විසින් සොයා ගැනුනි. මේ රන් බිස්කට් ග්රැම් 116.6 බරැති ඒවා වූ අතර, ඒවායේ මුළු බර කිලෝ ග්රැම් 9යි ග්රැම් 500ක් විය.

ඒවායේ වටිනාකම රුපියල් විසි කෝටි පනස් ලක්ෂයක් හෙවත් රුපියල් මිලියන 205ක් ලෙස තක්සේරු කළ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත්අඩංගුවේ තබා ගනිමින් මේ පිළිබඳ වැඩි දුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

READ:   බස් රථයක් පෙරළී පුද්ගලයෙකු මරුට

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්