Tuesday, July 28, 2026
Homeදේශීයවෘත්තීය සමිත ගැන වද නොවන බව ජනපති කියයි

වෘත්තීය සමිත ගැන වද නොවන බව ජනපති කියයි

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීමේදී තමන් වෘත්තිය සමිති ගැන තැකීමක් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. බ්‍රිතාන්‍ය පුවත්පතක් වන ” ද ඉකොනොමිස්ට් ” පුවත්පත සමග මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් එතුමා මේ බව ප්‍රකාශ කර සිටියා.

රජය සතු ව්‍යවසාය ප්‍රතිසංවිධානය කිරීමේ දී වෘත්තිය සමිති ගැන වද නොවන බවත් වඩාත් වැදගත් වන්නේ ජනතාව බැවින් එහිදී තත්වය වැඩි දියුණු කළහැකි යැයි සිතුනොත් ජනතාව ඒ වෙනුවෙන් පෙනී සිටුනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පෙනවා දෙනවා.

රාජ්‍ය ආයතනයන් පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කළ හැකි බවත් කෙසේවෙතත් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්ද, යන්න තවමත් ගැටළුවක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

READ:   ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්