Wednesday, April 15, 2026
Homeදේශීයසති 2 ක් තුළ කසළ තේ කිලෝ ලක්‍ෂ දෙකක් අල්ලයි..

සති 2 ක් තුළ කසළ තේ කිලෝ ලක්‍ෂ දෙකක් අල්ලයි..

නීති විරෝධී කසළ තේ ව්‍යාපාරිකයන්ගෙන් මෙරට තේ කර්මාන්තයට සිදුවන හානිය වැළැක්වීමේ අරමුණින් වෙළම්බොඩ පොලිසිය දිගින් දිගටම සිදු කරන වැටලීම් නවතා දමන ලෙස බල කරමින් කසළ තේ නිෂ්පාදන ව්‍යාපාරිකයන්ගෙන් සැදුම් ලත් පිරිස් වෙළම්බොඩ පොලිසියට තර්ජනය කර බාධා කිරීම් සිදු කර ඇත.


 
වෙළම්බොඩ ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය කසළ තේ ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ මෙම සිදුවීම ඇතිව තිබෙනවා.

වෙළම්බොඩ ප‍්‍රදේශය තුළ මෙවැනි නිෂ්පාදකයන් 350 දෙනකු සිටින අතර ඔවුන්ගෙන් බොහොමයක් නීති විරෝධී ලෙස මෙම තේ වලට රසායනික ද්‍රව්‍ය එකතු කිරීම හා මිනිස් පරිභෝජනයට ඉතා අහිතකර ලෙස එම නිෂ්පාදන සිදු කරනු ලබයි.
 
මේ නිසාම ලංකා තේ මණ්ඩලය මගින් මේ වනවිට ප‍්‍රදේශයේ ඇති බලපත‍්‍ර හිමිකරුවන් 178 දෙනකුගේ බලපත‍්‍ර තහනම් කර ඇති මුත් ප‍්‍රදේශය තුළ සිදු කරන මෙම නීති විරෝධී කටයුත්ත දිගින් දිගටම සිදුවන්නේ එයින් අධික ලාභයක් ලැබෙන නිසාය.
 
විදේශ වෙළෙඳපළ තුළ ද ශී‍්‍ර ලංකා තේ නාමයට බරපතළ හානි සිදුව ඇති නිසා රජය මැදිහත් වී මෙම නීති විරෝධී කි‍්‍රයා මැඬපැවැත්වීමට පොලිසියට හා පොලිස් විශේෂ කාර්ය බළකායට උපදෙස් ලබාදී තිබේ.
 
පසුගිය සති 2 තුළ පමණක් වෙළම්බොඩ ප‍්‍රදේශය තුළින් කසළ තේ කිලෝ ලක්‍ෂ 2 කට අධික ප‍්‍රමාණයක් සොයාගෙන ඇති අතර රසායනික ද්‍රව්‍ය යොදමින් තේ සකසන කම්හලක් ද වටලනු ලැබීය.
 
කසළ තේවලට රසායනික ද්‍රව්‍ය යොදා කළු තේ සකසන මෙම කර්මාන්ත ශාලාව තුළ තිබී කසළ තේ කොළ කිලෝ ලක්‍ෂ එකහමාරක් පමණ සොයා ගෙන එම ගබඩාව සීල් කරනු ලැබීය.
 
මෙවැනි තත්ත්වයක් තිබියදී පොලිසියට බලපෑම් කරන මෙම ව්‍යාපාරිකයන් පවසා සිටින්නේ ඔවුන්ගේ ජීවත්වන මාර්ගය අවහිර නොකරන ලෙසය. නමුත් සුළු පිරිසක් ජීවත් වෙන්න කරන මෙම කි‍්‍රියාවෙන් මෙරට තේ ආර්ථිකය විනාශ වීමත් ලක්‍ෂ ගණන් ජනතාව පිළිකා, ඇස් අන්ධවීම ඇතුළු දරුණු සෞඛ්‍යය තර්ජනයන්ට ලක්වීමත් ඔවුන් අමතක කර ඇතැයි ගුණාත්මක තේ නිපදවන්නෝ පවසති.
 
වෙළම්බොඩ නගරයේ ඇති වූ මෙම සිද්ධිය සමග වෙළම්බොඩ පොලිසිය තේ මණ්ඩල නිලධාරීන්ට මේ බව දන්වා අද මෙම ව්‍යාපාරිකයන් සමඟ සාකාවක් ලබා දීමටද පියවර ගෙන ඇත.

READ:   ජනපති සමඟ කෙරෙන ඔබේ සාකච්ඡාවේදී, GotaGoHome ජන අභිලාෂය සෘජුව සිහිපත් කර පැමිණෙන්නැයි, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නීතීඥ සංගමයෙන් ඉල්ලයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්