Sunday, April 26, 2026
Homeදේශීයපාතාලයටත් රැඳවියන්ගේ තර්ජනවලටත් අපි බය නෑ - ආරක්‍ෂක ලේකම් කියයි

පාතාලයටත් රැඳවියන්ගේ තර්ජනවලටත් අපි බය නෑ – ආරක්‍ෂක ලේකම් කියයි

පාතාලයට අපි බියවන්නේ නැහැ. රැඳවියන් කරන තර්ජනවලට බියවන්නේ නැහැ. කුමන තරාතිමක අයකුට එරෙහිව වුවත් නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරන බව ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප‍්‍රකාශ කළා.

ආරක්‍ෂක ලේකම්වරයා මෙම කරුණු හෙළි කළේ බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්‍ෂණ චාරිකාවක් අතරතුරයි

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් මේ වන විට මාරාන්තික උපවාසයක යෙදී සිටිනවා. ඒ අයගෙන් විසි ගණනක් දැන් මාරාන්තික උපවාසය අතහැර ආහාර ගන්නවා. අනිත් අයත් ඒ ආකාරයට ආහාර ගැනීම ආරම්භ කරයි කියා හිතනවා. ඔය මාරාන්තික උපවාසවල යෙදුණු කිසිවකු කුසගින්නේ මියගොස් නැහැ. මාරාන්තික උපවාසයේ යෙදී සිටි එක් පුද්ගලයකු පමණක් මියගොස් තිබෙනවා. ඒත් ඔහු රෝගියකු වු නිසයි.

‘සිරකරුවොත් මනුෂ්‍යයෝය කියා සලකන නිසයි ඔවුන්ට තව තවත් පහසුකම් සලසන්නට ඉඩකඩ සොයන්නේ.

පාතාලයට අපි බියවන්නේ නැහැ. රැඳවියන් එල්ල කරන තර්ජනවලට බිය වෙන්නේ නැහැ. කුමන තරාතිරමක කෙනෙකු වුවත් නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු නිලධාරි පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.

READ:   මෙන්න රුසියාවට ගිය ලංකාවේ සෙබලුන්ට වෙන දේ - ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්