Saturday, September 12, 2026
Homeදේශීයලයිට් බිල ගැන නාමල්ගේ අලුත්ම ප්‍රකාශය

ලයිට් බිල ගැන නාමල්ගේ අලුත්ම ප්‍රකාශය

විවාහ උත්සවයේ හිඟ විදුලි බිලක් ඇති බවට චෝදනා කළ ද එවැනි විදුලි බිලක් තවමත් විදුලිබල මණ්ඩලයෙන් තමන් වෙත එවා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

පාතදුම්බරදී පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

එම විදුලි බිල තමන් වෙත ලැබුණොත් ගෙවීමට ඇති නම් එය ගෙවීමට කටයුතු කරන බව ද ඒ මහතා එහිදී සඳහන් කළා.

කෙසේවෙතත් සමාජ මාධ්‍යයේ හැසිරීම ගැන දෙවරක් කල්පනා කළ යුතු බවත් ඒ අනුව සමාජ මාධ්‍යයේ කටයුතු සම්බන්ධයෙන් යම් නියාමනයක් ඇති කළ යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියා.

READ:   මහින්ද අමරවීර ධූරයෙන් ඉල්ලා අස්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්