Friday, July 31, 2026
Homeදේශීයවිරෝධතාකරුවන් මර්දනය නැවැත්වීමට පැතුම් කර්නර් ජාත්‍යන්තරයේ සහය පතයි

විරෝධතාකරුවන් මර්දනය නැවැත්වීමට පැතුම් කර්නර් ජාත්‍යන්තරයේ සහය පතයි

පහුගියදා අත්තඩංගුවට ගත් සමාජ ක්‍රියාකරුවෙකු වන පැතුම් කර්නර් විසින් මෙරට සිදුවන විරෝධතාකරුවන් මර්ධනය නැවැත්වීම සඳහා ජාත්‍යන්තරයෙන් සහය ඉල්ලා සිටින විඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.

මෙරට ජනතාව ඇතිවී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා මාස 3 ක කාලයක් සාමකාමී අරගලයක් පවත්වා ගෙන ගිය බවත් එවකට රජය ජනතාවගේ එම විරෝධය නොසලකා හැරිය බවත් ඒ හේතුවෙන් ජනතාව පාරට බැස හිටපු ජනාධිපතිවරයා ඉවත් කළ බවත් නිවේදනයේ සඳහන් වනවා.එලෙස ජනතා අරගලයේ එක් කඩයිමක් සාර්ථකව නිමා කිරීමට දායකත්වය දැක්වූ විරෝධතාකරුවන් අත්තඩංගුවට ගැනීමට ව්‍යවස්ථානූකූලව පත්වූ ජනාධිපතිවරයා හදිසි නීතිය ද යොදාගනිමින් කටයුතු කරමින් සිටින බව ඔහු අවධාරණය කර සිටිනවා.

විරෝධතාකරුවන් කළ සියලු ක්‍රියා පැවැති රජය ජනතාවගේ ගැටළු වලට කන්නොදීම නිසාත් ඔවුන්ට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වෙන විකල්පයක් නැති නිසාත් කළ ක්‍රියා පමණක් වන බවද ඔහු විසින් පෙන්වා දෙන අතර පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා කිරීමේ දී , විරෝධතා කරුවන්ට සමාව ලබා දී සමාජය නිවෙන්නට හරින ලෙස ඉල්ලා සිටින ලෙසද ඔහු ඉල්ලීම් කර සිටිනවා.

පැතුම් කර්නර් අත්තඩංගුවට ලක්වීමට පෙර පටිගත කර ඇති මෙම වීඩියෝ පටය ඔහුගේ සමාජ මාධ්‍ය මෙහෙයවන්නන් විසින් පළ කර තිබුණා.

READ:   වෛද්‍ය පීඨයේ විරෝධතාවට පොලිසියෙන් ජල ප්‍රහාර..
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්