Thursday, April 30, 2026
Homeදේශීය“බැම්බි බකට්“ නම් නම්‍යශීලී ජල බදුන

“බැම්බි බකට්“ නම් නම්‍යශීලී ජල බදුන

#MT_New_Diamond නෞකා‍‍වේ ඇති වූ ගින්න පාලනය කිරීමේ දී හෙලිකොප්ටරයක සිට කේබලයක ආධාරයෙන් පහළට එල්ලෙන “බැම්බි බකට්“ නම් නම්‍යශීලී ජල බදුනක් යොදාගන්නවා ඔබ දකින්නට ඇත.
බැම්බි බකට් (Bambi bucket) යනු මෙහි වාණිජ නාමය වන අතර Monsoon bucket, Heli bucket වැනි පොදු නම් කිහිපයක් ම මෙය හැදින්වීමට යොදාගැනෙයි. ලීටර 270 සිට 9840 දක්වා විවිධ ධාරිතාවලින් යුතුව නිෂ්පාදනය කෙ‍‍රෙයි. බදුනේ පිටත ඇති තැඹිලි පැහැති තීරු වයිනල් (polyvinyl chloride) නම් ‍ප්ලාස්ටික් ද්‍රව්‍යයෙන් ද ඇතුළත බිත්තිය ෆයිබර්ග්ලාස්වලින් ද තනා ඇත.
කුඩයක් මෙන් හකුළා තැබිය හැකි මෙය කේබලය ආධාරයෙන් ඉහළට එසවෙන විට ඉබේ ම දිගහැරෙන යාන්ත්‍රණයකින් යුක්ත ය. ඉහළ සිට කේබලය ආධාරයෙන් පහත් කර ජල පෘෂ්ඨයක් මත මෙහි පතුල ස්පර්ශ වීමට සැලැස්වූ විට බදුනේ පැත්තකින් ඇති තුලබරුව (ballast) හේතුවෙන් එහි සමබරතාව ගිලිහී බදුන ජලය තුළ ගිලී යයි. බදුන ගිලෙන්නට තරම් ජල මට්ටමක් නැති ජලාශයක නම් බදුන පතුලේ සිට ජලය ඇතුළට පිරෙන ආකාරයට විශේෂ විවර (කපාට) සහිත හැඩගැස්මකින් යුත් බදුනක් යොදාගනු ලැබේ.
මෙසේ පුරවාගත් ජලය අවශ්‍ය තැන්වල දී අවශ්‍ය ප්‍රමාණවලින් නිදහස් කිරීම නියමුවා අත ඇති පාලකයක් ආධාරයෙන් සිදු කරනු ලැබේ. එවිට සිදු වන්නේ බදුන පත්ලේ ඇති කපාටයක් විවර වී ජලය නිදහස් වීම ය. ජලය නිදහස් කළ යුතු ස්ථාන නියමුවාට සංඥා කිරීමට හෙලිකොප්ටරයේ සහායකයකු සිටිය යුතු ය. කපාට විවරයට පහළින් උපාංගයක් සවි කිරීමෙන් ජලය පුළුල් ප්‍රදේශයක විසිරෙන ලෙස නිදහස් කිරීම හෝ තීරුවක් ලෙස නිදහස් කිරීම හෝ කළ හැකි ය.
බැම්බි බකට් එක 1982 වසරේ දී ලොවට මුලින් ම හදුන්වා දෙන ලද්දේ කැනඩා ජාතික Don Arney විසිනි. (ඡායාරූපය). මේ වන විට රටවල් 110කට අධික සංඛාවක ගිනි නිවීමේ කටයුතු සදහා මෙය පාවිච්චි කරනු ලැබේ. විශේෂයෙන් ලැව් ගිනි පාලනයේ දී මෙය ප්‍රයෝජනවත් වේ. අවශ්‍ය විට ගිනි නිවීමේ රසායන ද්‍රව්‍ය ද මෙහි පුරවා පාවිච්චි කිරීමට පිළිවන

READ:   ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්