HONDA CIVIC 2.0L TURBO SEDAN 2018 ඇයි මෙහෙම උනේ. හොන්ඩා සිවික් ටර්බෝ I-VTEC කාර් එක 2017 ඉදන් ලංකාවට ගේනව. දැනට ලංකාවෙ වැඩියෙන්ම තියෙන්නෙනම් 1.0L ඉන්ජින් එක තමයි. කෙසේ වෙතත් 2020 නිෂ්පාදනය කල සිවික් එකක් ලංකාවෙන් ගන්නවනම් ආසන්න වශයෙන් ලක්ෂ 80ක් වගේ වෙයි. ඔප්ෂන් අනුව මිල වෙනස්විය හැකී.

මේකෙම 1.5L වාහනෙත් ලංකාවට සුලු වශයෙන් ගෙන්නල තියනව. ඒකෙ 2020 වාහනයක් ආසන්න වශයෙන් ලක්ෂ 90 වෙන් උඩ වගේ. ඔප්ෂන් අනුව ඒකෙත් මිල අඩු වැඩි වෙයි. සිවික් එකේ 2.0L කාර් එකනම් තාම ලංකාවෙ නැතුව ඇති කියල හිතනව. ඒ ගැන අදහසක් නෑ.
හරි මම මේ පහලින් දාල තියෙන්නෙ කොරියාවෙ වෙළද දැන්වීමක්. කොරියන් භාෂාව දන්න අයනම් තේරුම් ගනීවි. බැරි අයට මම කියන්නම්.

මේ 2018 සිවික් එකක්. HONDA CIVIC 2.0L TURBO SEDAN දැනට සිවික් එකට ආපු සියලුම ඔප්ෂන් මේ කාර් එකට තියනව. මේක මම ඉස්සෙල කිව්ව වගේ ලංකාවෙ නෑ. මොකද මේ 2.0L ඉන්ජින් එක ලංකාවට ගේනවනම් ලංකාවෙ තියන බදු ගෙවීම් එක්ක ඉතා ඉහල මිලක් ගෙවන්න වෙයි. හිතෙන විදියට ලක්ෂ 110 ක් වගේ.
කොරියාවෙ විකුණන්න තියන මේ කාර් එකේ මිල ලංකාවෙ රුපියල් වලින් දැනගත්තම ඔයාල පුදුම වෙයි. ඒ වගේම රට පාලනය කරන උන්ට හෙන ඉල්ලයි. උන් ෆර්මිට් එකට ගත්තු සැප වාහන වල යන ගමන් අහින්සක අපේ ලේ උරාබොන එකට. උන් අඩුවට ෆර්මිට් එකට වාහන ගෙනාවට කමක් නෑ. නමුත් අපේ ජන්දෙන් ගිහින් හදන බදු නීති සහ බදු ප්‍රතිපත්ති දැක්කම හෙන නොයිල්ල මොනව කරන්නද? ඇත්තටම මේ වාහනේ කොරියාවෙ විකුණන්නෙ ලංකාවෙ මුදලින් ලක්ෂ 27ට ආසන්න මුදලකට. ඔයාල හරි. පුදුමයි තමා. පුදුම වෙන්න. නමුත් ඒක ඇත්ත. ලක්ෂ 27යි.



