Tuesday, September 15, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්

සංචාරක පාකිස්තානූ කණ්ඩායම සහ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් තරඟයෙන් ලකුණු 246 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුනා.

දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 508 ක ඉලක්කය හඹා ගිය පාකිස්තානූ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 261 පමණී.

පාකිස්තානය වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 81 රැස් කරගිනිමින් සාර්ථක ඉනිමක් ක්‍රිඩා කළ අතර ශ්‍රි ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණූ 117 කට කඩුළු 05 ක් රමේෂ් මෙන්ඩිස් ලකුණු 101 කට කඩුළු 04 ක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව තරඟාවලිය 1-1 වශයෙන් ජයපරාජයෙන් තොරව අවසන් වූවා.

READ:   ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවකයෙකුට කනට ගහලා. පහර කෑ සේවකයා රෝහලේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්