Tuesday, July 28, 2026
Homeදේශීයඅරගලයේ නිරතව සිටී තරුණයන්ගේ ඉල්ලීම වුයේ වෙනසක්

අරගලයේ නිරතව සිටී තරුණයන්ගේ ඉල්ලීම වුයේ වෙනසක්

– 2022.07.27- ජනපති අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වුයේ රටේ ක්‍රමය වෙනස් කිරීමයි. එය අපිත් පිළිගන්නවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේය. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ඊයේ (27) පස්වරුවේ පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ දී එහි කාර්ය මණ්ඩලය අමතමිනි. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් යන මහත්වරු විසින් පක්ෂ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමාව පිළි ගනු ලැබිණ. සියලුදෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට ඉඩ ඇති බවත්, අරගලයේ නිරත වූවන්ට ද එම අයිතිය ඇති අතර විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් ද ඊට එක්ව සිටි අයුරු තමා දුටු බව ජනාධිපතිතුමා සඳහන් කළේය. තමා ජනාධිපති ධූරය භාර ගත්තේ රට ඉතා අසීරු තත්ත්වයක පවතින අවස්ථාවේ බව සඳහන් කළ ජනාධිපතිතුමා ආර්ථික අභියෝගය ජය ගනිමින් රට ඉදිරියට ගෙන යාමට මේ වන විට පියවර රැසක් ගෙන ඇති බව ද කියා සිටියේය.

ජනාධිපති මාධ්‍ය අංශය

READ:   ඉන්ධනහලේ දී පුද්ගලයෙකුට පහරදුන් හමුදා නිලධාරියා ගැන පරීක්ෂණ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්