Saturday, April 25, 2026
Homeදේශීයතරඟයේ වීරයා

තරඟයේ වීරයා

තරඟයේ වීරයාතරගයේ වීරයා රත්නායක මහතා – ජා ඇල පොලිස් OICස්ථානය – ඒකල lora Fuel stationදිනය – 2022 හත් වෙනි මස විසි තුන් වන දිනඅවසාන අංක – 0,1,2දින දෙක තුනක් රෑ නිදි මරාගෙන 2km පමණ පෝලිම ක එක පෙලට සිට සියලු දෙනා බලා සිටියේ තෙල් බවුසරය එන තුරුය.. ඉදිරියෙන්ම ගමේ යැයි කියාගන්නා පෝලිම ක් තිබුණේ ත්‍රීවීලර් 8 ක‍් පමණි.. බවුසරය 11 ට පමණ ළඟා විය..

නිමේෂයකින් ගමේ පෝලිම් තුනක් වූ අතර වාහන 15 ක් පමණ එකතු විය.. සමහරු Number plate මාරු කරන ගමන් ය. පෝලිමේ පසු පසින් පැමිණි 10 ක් පමණ ඉදිරියට යන ගමන් ය, ගමේ පෝලිම ලඟදි දෙන්නෙක් පමණ ඉතිරි විය.. “අසාධාරණයි නේද අය්යේ පෝලිමේ ගොඩක් අය ඉන්නවනේ”පිළිතුර – “යකෝ මේක අපේ ගම, අපේ වාහන වලට මුලින් ගහන්න ඕන”ඉන් පසු කිසිවක් නොකියා ඒ දෙදෙනාද යන්නට පිට විය..

පිටි පස පෝලිම අඩියක් හෙළ වුණේ නැත. අර ගමේ පෝලිම් වලට අතුරු පාර වල් වල සිට වාහන 4,5 එකතු කරයි.. විනාඩි 10 ක් පමණ යන විට මුලු පාරම බ්ලොක් විය.. බයික් පෝලිමේත් මේ විඳිය මය කිසිම වෙනසක් නැත.. ටික වෙලාවකින් තෙල් ගැසීම නතර කර අතර පෝලිමේ කට්ට කාගෙන හිටි අය වාහන තුළට වි සුසුම් ලන්නට විය.. ඒ අතරතුර අපි කිහිප දෙනෙක් පෝලිම හදන්නට ගියත්, චණ්ඩි ඉඩ දුන්නෙ නැත. සිටිය පොලිස් නිලධාරීන්ද එවුන් ගනන් ගත්තෙ නැත. ගත වූයේ නිමේෂයකි ඉදිරියෙන් ජා ඇල පොලිස් වාහනයක් නතර විය,, පාර පුරා සිටි වාහන පෝලිම් ඉවත් කරන්නට වුවත්, එය මුලින්ම සිදු වූයේ නැත. කොටින්ම කිව්වොත් හොඳින් කියනා දේ මුන් ඇසුවේ ම නැත.. දිග බැටන් පොල්ලක් දිස් විය, වැඩේට බැස්සේ ඉදිරි අසුනේ සිටි පොලිස් OIC මහතායි..”තොපි කොහොමද මේ මිනිස්සුන්ගේ පෝලිම් වලට කෙලින් නේ “බැටන් පොලු පහර කිහිපයක් එ මේ අත එල්ල විය,.. ගත වූයේ විනාඩි දහයක් පමණි.. පෝලිම් හතර පහ,, අර අහිංසක එක පෝලිමට අඩු විය,,

READ:   දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්

මිනිස්සු මේ මහතාට වගේම පවුලේ උදවියට ද පින් දෙන්නට විය.. පැය හතරක් පමණ තෙල් ගැසීම සිදුවූ අතර, අවසන් තෙල් බිංදුව වෙනකන්ම රත්නායක මහතා හෙළ වුණේ නැත. වෙනදාට 1km වල සිටි අයත් තෙල් නැතිව හැරිල යන ෂෙඩ් එකේ බවුසරය එද්දි සිටි සියලු දෙනාටම (2km පමණ) තෙල් ලැබුණි.. අනේ මහත්තයෝ මට photo එකක් ගහන්න දෙන්න,, “ඒ මොකද බං ඒ,..” “සර් ලොකු පිනක් සර් කර ගත්තෙ” “හරි හරි ගහ පන්කො” .. මුහුනේ අව්‍යාජ සිනාවකි..

පගාව ගනිමින් අහිංසකයන් පාගා දමන පොලිස් නිලධාරීන් මැද, සැබැවින්ම ඔහු විරයෙකි..

උපුටා ගැනීමකි.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්