ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. නව ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පත්වීමෙන් අරගලයේ නියුතූ පුද්ගලයන්ගේ අරමුණූ ඉෂ්ට නොවූ බවත් සැලසුම් සහගතව කටයුතු නොකිරීම නිසා අරගලකරුවන්ට එම තත්වය උදා වූ බවත් එතුමා පවසනවා. රනිල් වික්‍රමසිංහ යනු මෙරට ජනතාවගේ ප්‍රසාදයක් හෝ ජාත්‍යන්තර ප්‍රසාදයක් හිමි නායකයෙකු ලෙස පත් වූ ජනාධිපතිවරයෙකු නොවන බැවින් එවැනි පුද්ගලයෙකු බලයට පත්වීම තුල ජනතාවගේ අපේක්ෂා ඉටු නොවී ජනතා අසහනය තවදුරටත් වැඩි විය හැකි බව එතුමා පෙන්වා දෙනවා. එවැනි අර්බුදකාරී අවස්ථාවක හදිසි තීරණ ගැනීම නීතිය අවභාවිතා කිරීම හරහා ලේ ගැලීම් ඇති විය හැකි බව එතුමා පෙන්වා දෙනවා. එවැනි අර්බුදකාරී තත්ත්වයක් මෙරට නිර්මාණය වීම එක්සත් ජාතින්ගේ සංවිධානය වැනි සංවිධාන හා ඉන්දියාව වැනි රටවල බලපෑමට මෙරට ඉදිරියේදී ලක්වීමට ඉඩ කඩ ඇති කරන බවයි එතුමා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
නවතම වීඩියෝ
-
🔴කිසිදෙයකට උත්තර දීපු නැති අධිකරණ ඇමතියා උත්තර දුන්නා.ආණ්ඩුවේ ත්රස්ත පනතේ භිතිය ගැන නාගමුව හෙළිකලදේ
-
රජයන් කිහිපයක් ඉල්ලුවා ලැබුනේ නෑ.පොළොන්නරුවට ඇත් අතුරු සෙවනක්දීමේ ආණ්ඩුවේ තීරණය ගැන ලැබුනු ප්රතිචාර
-
ගොවියාගේ පුතාට රටේ භාරකාරීත්වය ලබාදී ගොවි ජනතාව අන්ත අසරණ වී තිබෙනවා.විපක්ෂ නායක සජිත් ප්රේමදාස.
-
🔴එක්කෙනෙකුට විතරක් නීතිය වෙනස් කරන්නඑපා.ෆොන්සේකා හිමිවරුන්ගේ සත්යග්රහය ගැන කට අරී.


