ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. නව ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පත්වීමෙන් අරගලයේ නියුතූ පුද්ගලයන්ගේ අරමුණූ ඉෂ්ට නොවූ බවත් සැලසුම් සහගතව කටයුතු නොකිරීම නිසා අරගලකරුවන්ට එම තත්වය උදා වූ බවත් එතුමා පවසනවා. රනිල් වික්‍රමසිංහ යනු මෙරට ජනතාවගේ ප්‍රසාදයක් හෝ ජාත්‍යන්තර ප්‍රසාදයක් හිමි නායකයෙකු ලෙස පත් වූ ජනාධිපතිවරයෙකු නොවන බැවින් එවැනි පුද්ගලයෙකු බලයට පත්වීම තුල ජනතාවගේ අපේක්ෂා ඉටු නොවී ජනතා අසහනය තවදුරටත් වැඩි විය හැකි බව එතුමා පෙන්වා දෙනවා. එවැනි අර්බුදකාරී අවස්ථාවක හදිසි තීරණ ගැනීම නීතිය අවභාවිතා කිරීම හරහා ලේ ගැලීම් ඇති විය හැකි බව එතුමා පෙන්වා දෙනවා. එවැනි අර්බුදකාරී තත්ත්වයක් මෙරට නිර්මාණය වීම එක්සත් ජාතින්ගේ සංවිධානය වැනි සංවිධාන හා ඉන්දියාව වැනි රටවල බලපෑමට මෙරට ඉදිරියේදී ලක්වීමට ඉඩ කඩ ඇති කරන බවයි එතුමා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
නවතම වීඩියෝ
-
මීගමු ගැටුමට පස්සේ වුණ අධිකරණ ඇමති ගැන හෙළි නොවූ ආන්දෝලනය..අජිත් පී පෙරේරගේ පොයින්ට් ටික
-
🚨"ඔබතුමා අයින්වෙන්නේ නෑ අපි දන්නවා."-මීගමුවේ නොකී කතා ගොඩක් එක්ක මුජිබර් අමතනවා ඇමතිල්ලක් හිරවෙන්නම
-
ඊයේ විපක්ෂෙ මීටිම ගැන කියන්න රංජිත් මාධ්‍යයට ඇවිත් - වැඩේ අතිසාර්ථකයි !! ආණ්ඩුව බයවෙලා
-
🚨අර්චුනාට වරෙන්තු කියල, දැන්ආපු SMS එකෙන් සභාව උණුසුම්.! කොහොමද එහෙම වුණේ?? බල තුලනේ සුපිරි සංවාදය!!


